විපක්ෂයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ලබන 13 වනදා පාර්ලිමේන්තුවට

Spread the love

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමකට අනුව ලබන 13 වන සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත් එදින විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

ඒ අනුව හෙට (12) දිනයේ පැවැත්වෙනුයේ 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය පමණි. හෙට දිනයේ දිවා භෝජනය සඳහා කාලය වෙන් කිරීමකින් තොරව 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනා පිළිබඳ විවාදය ලබන 13 වනදා පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ. 

Tags: