Update: අද කොවිඩ් ආසාදිත මරණ 05ක් – මුළු මරණ ගණන 41යි
- RSL
- November 10, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මෙරට 41 වන කොරෝනා මරණය වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දන්වා සිටියි මෙසේ මිය ගිය පුද්ගලයා 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා නිවසේ දී මියගොස් ඇති අතර රාගම රෝහලේ දී කරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේ දී එම රෝගියා කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගෙන ඇත පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මිය යෑමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ දීර්ඝකාලීනව පැවැති පිළිකා රෝගී තත්ත්වය කොවිඩ් ආසාදනය වීම නිසා උත්සන්න වීමයි
අද (10) දින කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 04 දෙනකු මිය ගිය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා.


