පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා සඳහා අභ්‍යාසලාභීන් 1000ක් බඳවා ගැනේ

Spread the love

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්හි තනතුරු 12 ක් සඳහා පුහුණුවට අභ්‍යාසලාභීන් දහසක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.මෙම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය වන  www.health.gov.lk ඔස්සේ online  ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය 2020.10.29 දින සිට පහසුකම් සලසා ඇත.

මෙම තනතුරු සඳහා අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2020.11.30 දින වන අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමේද යම් ගැටලුවක් ඇති වුවහොත් සතියේ වැඩ කරන දින වල පෙ.ව.9.00 – ප.ව.4.00 දක්වා වූ කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාකරණ හා සම්බන්ධීකරණ ඒකකයේ ක්ෂණික දුරකථන අංක 0112-340007 අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

සංකේත අංකයසේවාවපුහුණු පාඨමාලාවේ නම පුහුණු කාල සීමාව මාධ්‍යය
1 ඖෂධවේදීවසර 02ඉංග්‍රීසි
2පරිපූරක වෘත්තීන්ගේවෘත්තීය චිකිත්සකවසර 02ඉංග්‍රීසි
3සේවාවවිකිරණ ශිල්පීවසර 02ඉංග්‍රීසි
4 පාසල් දන්ත චිකිත්සකවසර 02ඉංග්‍රීසි
5 සෞඛ්‍ය කීට විද්‍යාවසර 02ඉංග්‍රීසි
6 අක්ෂි තාක්ෂණවේදීවසර 02ඉංග්‍රීසි
7අතුරු වෛද්‍ය සේවාවඅංගාදේශක හා සෘජුකරණඥවසර 03ඉංග්‍රීසි
8 මහජන සෞඛ්‍ය පරීක්ෂකවසර 02ඉංග්‍රීසි
9 ඛන්තු රේඛණ ශිල්පීවසර 01ඉංග්‍රීසි
10 විද්‍යුත් නිකර්පණ රේඛන සටහන්කරුවසර 02ඉංග්‍රීසි
11 මහජන සෞඛ්‍ය රසායනාගාරවසර 01 මාස 03ඉංග්‍රීසි
  ශිල්පී  
12 දන්ත කාර්මික ශිල්පීවසර 02ඉංග්‍රීසි
Tags: