‘ගොවිමිණ’ – කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රවෘත්ති විශේෂාංග සඟරාවේ ‘e සංස්කරණය’ නිකුත් වෙයි

Spread the love

ගොවීන්ට පමණක් නොව, ගෙවතු වගාවේ නිරතවූවන්ට, කෘෂිකර්මය පිළිබද අධ්‍යයනයේ යෙදෙන පාසල් සහ සරසවි සිසුන්ට මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් ද ඇතුළු සන්නිවේදකයින්ට අතිෂය වැදගත් ලිපි රැසක් මෙහි අන්තර්ගතයි.

Lankaepress.com වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කරන Lanka epress Media Network ආයතනය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘ගොවිමිණ – කෘෂිකර්ම පර්යේෂණ හා ප්‍රවෘත්ති විශේෂාංග සාර සංග්‍රහයේ 06 වැනි සංස්කරණය අද (30) නිකුත් කර තිබෙනවා.

වත්මන් කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ මෙවර කලාපය අන්තර්ජාල – ඊ සංස්කරණයක් ලෙස සහ PDF සංස්කරණයක් ලෙසයි නිකුත් කර තිබෙන්නේ.

පිටු 76කින් සමන්විත මෙවර සගරාව මගින් එළවළු වගාවේ රසායනික හා කාබනික පොහොර භාවිතය ගැන අංග සම්පූර්ණ ලිපියක් සහ එළවළු වගාවේ පෙර හා පසු අස්වනු හානි අවම කර ගැනීම ඇතුළු ලිපි රැසක් අන්තර්ගත වන අතර පසුගිය මාස 02 තුළ කෘෂිකර්මාන්තය හා සම්බන්ධයෙන් රජය විසින් ගත් සියලු ප්‍රතිපත්තිමය තීන්දු හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සියල්ල අන්තර්ගතයි.

මෙහි ඇති තවත් සුවිශේෂත්වයක් වන්නේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ සිදු වූ පර්යේෂණවල සොයා ගැනීම් සම්බන්ධ ලිපි රැසක් අන්තර්ගත වීමයි.

Hot Topics

  1. පෙර හා පසු අස්වනු හානි  අවම කරගන්නේ කෙසේද ?
  2. ‘මාස් කේනගේ ඩඉරිඟු වගාවට’ සැරගසන ගොවීන්ට වැදගත් ආරංචියක්
  3. ජාතික ගෙවතු වගා වැඩසටහන ඇරඹේ
  4. කොන්කළ වගාව සහ අමතක කළ  රසවත් ව්‍යංජනය ‘ඉන්නල‘
  5. එළවළු වගාවේ රසායනික සහ කාබනික පොහොර භාවිතය ගැන සියල්ල දැන ගන්න
  6. කෘෂිකර්මාන්තයට සිදුවන වනසත්ත්ව හානි පිටුදකින්න ජනතාවගෙන් යෝජනා ඉල්ලයි
  7. කොරෝනාටත් වඩා බියකරු ‘මීඋණ‘ පිටුදකිමු
  8. පරිසරය නොරිදවා එළවළු ගොවිතැනේ වල්පැළ මර්ධනය කරන සුපිරි රහසක්
  9. කොවිඩ් මාරයාටත් පරාජය කළ නොහැකි වූ ‘සුපිරි එළවළු‘ -38
  10. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවීකරණයට ජනපති ඇමෙරිකානු සහාය ඉල්ලයි / කෘෂිකර්ම ඇමැතිවරයාගේ ප්‍රවෘතිති
  11. සතුටින් ජීවත් වෙන පවුලක් වෙන්න ඔබත් ‘ජාතික ගෙවතු වගා වැඩසටහනට එක් වන්න‘
  12. බොහොමයක් එළවළු දැන් ‘හිටුමැරීමේ‘ රෝගයට සංවේදීයි
  13. එළවළු වගාවේ වල්පැළ පාලනයට ‘ජීව වැස්මක්‘
  14. බෝග අස්වැන්න ඉහළ දැමීම සදහා වගාබිමට රොබෝවරු පැමිණෙයි
  15. වටපණු රෝගය පැතිරීම උග්‍ර අතට
  16. කෝමාරිකා පත්‍ර කුණුවීමෙන් කෘෂිබෝගවලට හානි
  17. කෘෂිකර්ම ප්‍රතිපත්ති – ජනපති සහ ඇමති

ගොවීන්ට පමණක් නොව, ගෙවතු වගාවේ නිරතවූවන්ට, කෘෂිකර්මය පිළිබද අධ්‍යයනයේ යෙදෙන පාසල් සහ සරසවි සිසුන්ට මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින් ද ඇතුළු සන්නිවේදකයින්ට අතිෂය වැදගත් ලිපි රැසක් මෙහි අන්තර්ගතයි.

ගොවිමිණ 1-2-3- සහ 4 වැනි කලාපවල කවර
ගොවිමිණ 5වැනි කලාපයේ කවරය

ගොවිමිණ – කෘෂිකර්ම පර්යේෂණ සහ ප්‍රවෘත්ති විශේෂාංග සගරාව ලාබ නොලබන ස්වේච්ඡා සන්නිවේදන මෙහෙවරක් වන අතර එහි 2-3-4-5 සහ 6 වැනි කලාපවලට අදාළ PDF පිටපත් ද කර්තෘවරයාට ලබා දෙන දුරකථන ඇමතුමක් මගින් හෝ ඊමේල් පණිවුඩයක් මගින් නොමිලේ ලබාගත හැකියි.

076 6109836 හෝ – 0777 304015 – gajabanagaha75@gmail.com – goviminamag2020@gmail.com යන ඊමේල් ලිපිනයට අදාළ ඉල්ලීම් කළ හැකියි.

RSL

Related Posts