කොරෝනා මරණ 16 දක්වා ඉහළට – 70 වියැති අයෙක් කොළඹදී මරුට !
- RSL
- October 26, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ඊයේ (25) අළුයම කාලයේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රෝගියා කොවිඩ්-19 ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද පස්වරු 22.25ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
මෙය කොවිඩ්-19 ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 16 වැනි මරණය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිවේදනයේ සදහන් වන්නේ.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 70ක කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකු බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
අදාළ පුද්ගලයා පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජ ඇතුළුවීම හේතුවෙන් ඇති වූ සංකූලතා මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර මරණයට පත්ව ඇත්තේ එම සංකූලතා හේතුවෙන් බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

