කොරෝනා ආසාදිතයින් ගණන 865 දක්වා ඉහළ යයි
- RSL
- October 23, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (23) සවස තවත් කොවිඩ්-19 ආසාදිතයින් 256 දෙනකු හදුනාගත් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා. මෙම ආසාදිතයින් අතරින් 39 දෙනකු පෑලියගොඩ මාළු කඩේ කොරෝනා පොකුරෙන් ද ඉතිරි පිරිස ඔවුන්ගේ හා මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් බව යුද්ධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද දින සවස 6්.04 නිකුත් කළ වාර්තාවට අනුව අද දින හදුනා ගෙන තිබූ ආසාදිතයින් 609 සමග අද දිනයේ මේ වන විට හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 865 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

