නව ආසාදිතයින් 609ක් – පෑලියගොඩ මාළු කඩේ පොකුරෙන් 496ක්
- RSL
- October 23, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (23) දින පස්වරු 18.05 වන විට කොවිඩ් ආසාදිතයින් 609 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයක සදහන් වේ.
එහි සදහන් ආකාරයට නව ආසාදිතයින් හමුවී ඇති ස්ථාන වන්නේ,
පෑලියගොඩ මස්ස්‍ය වෙළෙඳ සංකීර්ණය – 496 යි.
නිරෝධායන මධ්‍යස්ථාන – 48 යි.
බේරුවල ධීවර වරාය – 20 යි.
ගාල්ල ධීවර වරාය – 5යි.
ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් – 40යි.
ඒ අනුව, මිනුවන්ගොඩ කොවිඩ් -19 පොකුරෙන් අද (23) දිනයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3426 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ සමගින් මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 6896 දක්වා වැඩි විය.
ඉන් 3238 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබන අතර 3644 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

