ආනයනය කෙරෙන ‘ඇඟළුම්වල සෙස් බදු’ ඉහළට
- RSL
- October 20, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
රී ලංකාව වෙත ආනයනය කරන ඇඟළුම් මත පනවා තිබූ සෙස් බදු ඉහළ නැංවීමට රජය පියවර ගත්තා. නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ අමාත්‍යවරයා පවසන්නේ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය මගින් තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යවරයාගේ ද එකඟත්වය ඇතිව මෙම සංශෝධන කරනු ලබන බවයි.
පහත උපලේඛනයේ ෂඪ වන තීරුවෙහි දක්වා ඇති අනුප්රමාණය පරිදි 2020 ඔක්තෝබර් 14 දින සිට බලපැවැත්වෙන ලෙස උපලේඛනයේ සංයෝජිත වර්ගීකරණ අංක යටතේ නිශ්චිතව දක්වා ඇති භාණ්ඩවලට අනුරූප වන අයුරින් සෙස් බද්ද සංශෝධනය කරනු ලබන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.
මෙලෙස සෙස් බදු සංශෝධනය වන සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වෙනවා.



