පියයුරු පිළිකාව: ‘මේ ඔබේ ද කතාව විය හැකියි’
- RSL
- October 19, 2020
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
29 හැවිරිදි එමී, සොමර්සෙට් හි ෆ්රෝම් හි රූපලාවණ්‍ය ශිල්පිනියක සහ වේශ නිරූපණ ශිල්පිනියකි. ඇය ගර්භණීව සිටියදී පියයුරු පිළිකාවක් ඇති බවට හඳුනාගෙන ඇති අතර, ඇය එතැන් සිට සමාජ මාධ්‍යවල ඇගේ ගමනේ දුෂ්කර පියවර බෙදාගනිමින් සිටියි.
‘ඊයේ රෑ මම කොණ්ඩය සෝදමින් සිටියදී මගේ හිසකෙස් පොකුරු පොකුරු ගැලවී අතට ආවා. දැන් මගේ කොණ්ඩය ඉතාම සිහින් වෙලා. එහි තැන තැන හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් වී තිබෙනවා. මේ වන විට මට මගේ ඇහිබැම සහ ඇහිපිය ද අහිමි වී තිබෙනවා. මෙය දරාගත නොහැකි හැඟීමක් වගේම මා කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්ත්වයක්’
‘මම කැඩපත දෙස බැලූවා. දැන් එහි සිටින පුද්ගලයා මට හඳුනා ගැනීමට නොහැකියි. ඒත් ඒ මම කියලා මා දන්නවා’ ‘මම වෘත්තියෙන් වේශ නිරූපණ ශිල්පිනියක්. එම මෑතක් වනතෙක් එය පවත්වා ගෙන ගියා. ඒත් දැන් එය වසා දමා තිබෙනවා.
‘මගේ රැුකියාව වන්නේ කාන්තාවන් ලස්සන කිරීමයි. ඔවුන් තුළ ප්රබෝධයක් ඇති කිරීමයි. ඒත් දැන් මා මුහුණ දී සිටින තත්ත්වය අනුව මට ඔවුන් හමුවට යාම දුෂ්කර වී තිබෙනවා. කොණ්ඩය සහ ඇහිබැම කියන්නේ ඔබගේ අනන්‍යතාවයයි. එය අහිමි වීම ඔබට ඔබම අහිමිකර ගැනීමක්’
‘මා දැන් පත්ව සිටින්නේ දැඩි අසීරු තත්ත්වයකට. මට වේෂනිරූපණ කිරීමට සහ බොරු කොණ්ඩයක් පැළඳීමට සිදුව තිබෙනවා.
‘ගර්භණීභාවයට පෙර මා සිටි තත්ත්වය ගැන මට අමතක කළ නොහැකි හැඟීමක් තිබෙනවා. මම ඒ ගැන කල්පනා කරනවා. ඒත් දැන් මගේ ජීවිතය වෙනස් වී තිබෙනවා. මට මගේ අනන්‍යතාව අහිමි වෙලා තිබෙනවා’

‘මම මුලින්ම මගේ පියයුරුවල ගැටිත්තක් සොයාගත්තේ මැයි මාසයේදීයි. එය දුටු විට මා පුදුමයට පත් වුණා. ‘එය එතැනට ආවේ කොහොමද ?’ මම කල්පනා කළා.
‘තවත් දින කිහිපයක් ගත කළා. මා තීරණය කළා එය පරීක්ෂා කළ යුතු බව. නමුත් අවාසනාව පැමිණ තිබුණා. කොවිඞ් වසංගත නිසා මට නිසි පරීක්ෂණයකට ලක්වීමට නොහැකි වුණා. මා පරීක්ෂා කළ කාන්තාව එය නිසි පරිදි කළේ නැහැ. ඇය මට ගෙදර ගොස් සිසිල් ගෝවා කොළ මගේ පපුව මත තබන ලෙසත් පියයුරුවල තිබෙන ගැටිත්ත ගර්භනීභාවය නිසා හෝමෝන වෙනස්වීම් නිසා ඇති වූ තත්ත්වයක් විය හැකි බවත් ඇය පැවසුවා. මම ඇයව විශ්වාස කළා. මොකද ඇය විශේෂඥවරියක්. ඇය කියන දේ මා විශ්වාස නොකර වෙන කුමක් කරන්න ද ?
ඒත් ඇය වැරදි බවත්, මා ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බවත් සති කිහිපයකින් මට වැටහුණා. සති හතරක් පහක් තුළ අර ගැටිත්ත මගේ පියයුරුවල මුදුනටම ආවා.
එය දිගින් දිගටම වර්ධනය වෙමින් පැවතුණා. ඒ නිසා එය නැවත පරීක්ෂා කිරීමට මට අවශ්‍ය වුණා. මම නැවත විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වුණා. ඔවුන් පැය 24ක් තුළ මාව දේශීය පියයුරු පිළිකා සායනයට ඇතුළත් කළා.
ඔවුන් එහි බයොප්සි පරීක්ෂණයක් කළා. යමක් වැරදියි කියා ඔවුන්ට පෙනෙන නිසා ඔවුන් මගේ යටි පතුලත් පරිලෝකනය කළා. මම සති 35ක ගර්භනී අවධියේදී නිල වශයෙන් දැනගත්තා මට පියයුරු පිළිකාවක් වැළඳී ඇති බව’ එය ත්‍රිත්ව බැට්එසඩැ ණාත්මක පියයුරු පිළිකාවක් බවයිග
‘එය ඇසූ විට මම සම්පූර්ණ හා දැඩි කම්පනයකට පත්ව වුණා. එය හරියට මගේ දෙපා කපා ඉවත් කළා වගෙයි මට දැනුණේ’
‘ඔබ ගර්භණීව සිටින විට ඔබට දැනෙන්නේ ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඇති බවයි.ඔබට හෝ ඔබේ දරුවාට කිසිම හානියක් සිදු නොවන බවයි. ඒත් මගේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මම ගර්භණීව සිටියදීයි පියයුරු පිළිකාවකට ගොදුරු වුණේ. මම එවැනි දෙයක් කිසිදාක අසා නැහැ. එය ඇත්තෙන්ම බියකරු සිහිනයක් වගේ දෙයක්’
‘පිළිකා ඔබේ තේරීම් ඉවත් කරයි’
‘මගේ දුව බ්‍රොඩි-රේ සති තුනකට පෙර සිසේරියස් ශෛල්‍යකර්මයක් මගින් ප්‍රසූත කළා. මට ඇයට මව්කිරි දීමට හැකි වූයේ එක් වරක් පමණයි. එතරම් ස්වාභාවික දෙයක් කිරීමට හැකිවීම සහ පිළිකාවක් නොතිබීම එය මගෙන් ඈත් කිරීම එම සුළි සුළඟේ මට මතක ඇති වඩාත් සාමකාමී, සුන්දර මොහොතයි’
‘නමුත් ඊළඟ දවසේ වෛද්‍යවරු මගේ කිරි පැමිණීම නැවැත්වීමට බෙහෙත් ටිකක් දුන්නා. ඒ නිසා මට මව්කිරි දීමට නොහැකි වුණා. මම මෑතකදී මගේ අන්තිම ප්‍රතිකාර වටය ද අවසන් කළ අතර මම සුවය ලබා හැකිතාක් විවේක ගනිමින් සිටිනවා. සති හතරකින් ශල්‍යකර්මයක් කිරීමට නියමිතයි’
‘මට සියල්ල අහිමි වී ඇති බවත්, සියල්ල අසීරු බවත් හැඟී යනවා’

‘පියයුරු පිළිකාවක් තිබීම නිසා මට තෝරා ගැනීම් කිහිපයක් තිබුණේ නැහැ. එය අතිෂය ඒකපාර්ශ්වික දෙයක් වුණා.
මගේ ප්‍රතිකාර කාලසටහන, මගේ දරුවා ප්‍රසූත කරන්නේ කවදාද යන්න පැහැදිලි කළ විශේෂඥ වෛද්‍යවරුන් තවත් මොහොතකින් ‘මට මව්කිරි දීමට නොහැකි බව’ පැවසුවා. මගේ ඩිම්බ කෝෂ රසායනික චිකිත්සාවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මාව ඔසප් වීමකට ලක් කළා. දැන් මගේ ඩිම්බ කෝෂ රසායනික ද්‍රව්‍යයෙන් පසු අවදි නොවන්නේ නම් මගේ සාරවත් බව නැති වීමට ඉඩ තිබෙනවා. පිළිකාව මගෙන් උදුරා ගත හැකි තවත් දෙයක් එයයි’
මම මේ මොහොතේ කැඩපත දෙස බැලීමට කැමති නැහැ. එය මම නොකිරීමට උත්සාහ කරන දෙයක්. මම මේ චුම්බක ඇහිබැමි පැළඳ ගෙනයි සිටින්නේ. මම ඒවා පැළඳ සිටින්නේ අමුත්තන් හමුවේ පෙනී සිටීමට අවශ්‍ය වූ විට සහ මම ‘පිටතට’ යන විටයි.
කොණ්ඩය කැපීමේ පෙනුම නිර්මාණය කිරීමට ඔබට භාවිතා කළ හැකි පුදුමාකාර බ්‍රෝ පැන්සලක් ද මම සොයා ගත්තා. මට අහිමි වූ දේ නැවත ලබා ගැනීමට මේ කුඩා නිෂ්පාදන සියල්ලම මට උපකාර කරමින් සිටිනවා.
‘මගේ දුව ලෝකයේ ඉන්න වාසනාවන්තම දැරිය කියලා මට දැනෙනවා. මම මවක් වන්නේ කෙසේදැයි දන්නේ නැහැ. නමුත් එය මම ඉතා දිගු කාලයක් තිස්සේ සිහින මැවූ දෙයක්. ඉතින් මේ සියල්ල සිදුවන්නේ මගේ ජීවිතයේ සුන්දරම කාලය තුළ වීම මට විශ්වාස කළ නොහැකි දෙයක්.
නමුත් සෑම දිනකම මගේ දියණිය දෙස බැලීමෙන් මට ඇදහිය නොහැකි තරම් වාසනාවක් දැණෙනවා. මට දැන් ඇය නොසිටියා නම් මට කවදාවත් දරුවන් ලැබෙන්නේ නැති බව මා දන්නවා.
මම හිතන්නේ මගේ පිළිකාව අපේ සම්බන්ධතාවය වඩාත් ගැඹුරු කර ඇත්තේ ඇය වැඩී ඇය කෙතරම් වැදගත් දැයි වටහා ගන්නා නිසයි. ඇය ලෝකයේ ප්‍රීතිමත්ම කුඩා දැරිය වන අතර ඇය හරිම සුරතල්. ඇය මාව සම්පූර්ණ කරනවා’

‘මම තරුණ අම්මලාගෙන් ඉල්ලා සිටින්නේ වසංගත කාලේ තුළ වුවත් ඔබේ පියයුරු මත සිදුවන වෙනස්කම් නිරීක්ෂණය කරන ලෙසය. වෙනසක් හෝ සැකයක් ඇති වූ විට පිිළිගත් වෛද්‍යවරයෙක් හමුවී උපදෙස් ලබා ගන්නා ලෙසයි.
‘පළමු වතාවට මා හැරී ගිය විට මට දැනුනේ මම සැබවින්ම ඇහුම්කන් නොදුන් බවයි. එබැවින් කෝවිඩ් සීමාවන් යළිත් දැඩි වීමත් සමඟ ඔබේ බුද්ධිය සහ සහජ බුද්ධිය විශ්වාස කළ යුතුයි’ යමක් නිවැරදි යැයි හැඟෙන්නේ නැත්නම්, ඔබ ආපසු යා යුතු අතර ඔබ දැකීමට තල්ලු කර තල්ලු කළ යුතුයි.
‘මට ඉතා වේගයෙන් වර්ධනය වන, ආක්‍රමණශීලී පිළිකාවක් තිබෙනවා. එබැවින් යමක් නිවැරදි යැයි හැඟෙන්නේ නැතැයි මා විශ්වාස නොකළේ නම් මා කෙබඳු තත්වයක සිටිය යුතුදැයි කවුද දන්නේ ?’
මෙම මාසය පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වන නමුත් පියයුරු පිළිකා රෝස සහ සුදුමැලි දේවල් සමඟ සම්බන්ධ කිරීමට මා කැමති නැහැ. ඊට හේතුව වන්නේ පියයුරු පිළිකාව කිසිවිටෙකත් සුමුදු මෘදු අත්දැකීමක් නොවීමයි. එය කිසිසේත් රෝස මලක් මෙන් සුන්දර හෝ පියකරු නැහැ. එය තරුණියන්ව ඝාතනය කරන ඝාතකයෙක්’
අපගේ පියයුරු පරීක්ෂා කර මාසික මතක් කිරීමේ සේවාවලට ලියාපදිංචි වීම කොතරම් වැදගත් ද? කල්තියා හඳුනා ගැනීම එතරම් වැදගත්’
පිළිකා යනු ඕනෑම කෙනෙකුට කවදාවත්, කවදා හෝ අත්විඳිය යුතු ඉතාම භයානක දෙයක්. නමුත් මම මගේ කතාව ඉන්ස්ටග්‍රෑම්හි බෙදාහදා ගෙන ඇත්තේ දැනුවත් කිරීම සහ අනෙක් අයට උපකාර කිරීම සඳහා යි.
බොහෝ කාන්තාවන් මා අමතනවා. ඔවුන් කියන්නේ මාගේ දැනුවත් කිරීම නිසා ඔවුන් ද පියයුරු පරීක්ෂා කිරීමට යොමු වූ බවයි. ඔවුන් අවධානමෙන් මිදීමට එය අවස්ථාවක් කරගෙන තිබෙනවා. මෙහිදී මා යළි යළිත් ඔබට අවධාරණය කරන්නේ ඔබේ සුන්දර පියයුරු දිනපතා පරීක්ෂා කර බලන ලෙසයි. එහි සිදුවන සියුම් වෙනසක් පවා දැඩිව නිරීක්ෂණය කරන ලෙසයි. මොකද ඔබේ පියයුරු ඔබව සුන්දර කරන්නා සේම ඒ හරහා ඔබගේ මාරයා ද පැමිණිය හැකියි’
බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

