කොවිඩ්වලට නව ප්‍රතිකාරයක් ගැන සමාජමාධ්‍ය කියන අලුත්ම කතාව බොරුවක් !
- RSL
- October 17, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
COVID-19 වයිරසය ආසාදනය වීමෙන් වැලකි සිටීම සදහා උණුසුම් ජලය, ලුණු වතුර සහ විනාකිරි පානය කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇතැයි යනුවෙන් හුවා දැක්වෙන දැක්වෙන පොස්ටු කිහිපයක් ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සහ වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම් හරහා හුවමාරු වන අකාරයක් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට නිරීක්ෂණය කිරීමට හැකිවිය.
විශේෂයෙන්ම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම් වල සිටින ප්‍රසිද්ධ චරිත පවා මෙම අසත්‍ය පුවත කිසිදු සොයාබැලීමකින් තොරව තම සමාජ මාධ්‍ය අනුගාමිකයන් වෙතට හුවමාරු කොට තිබේ. මෙවැනි මුලාශ්‍ර නොමැති පුවත් හා තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීමට යාමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස සියලුම ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ට අවධාරණය කරමු.
මෙවැනි අසත්‍ය පුවත් හුවමාරු වීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බලා එවැනි ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය ගත කරන්නන් හට 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතේ 6 වැනි වගන්තියට අනුව නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමට කටයුතු කරනා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලංකා පොලීසියට දැනුම් දෙමු.

