ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම ව්‍යාපෘති කඩිනම් කෙරේ

Spread the love

ශ්‍රී ලංකා, නේපාලයල, සහ මාලදිවයින ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ්-සර්වෝස්ගේ නායකත්වයෙන් ලෝක බැංකුවේ  ඉහළ පෙළේ දූත පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහීන්දානන්ද  අලුත්ගමගේ මහතා සමඟ හමුවීමක් පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේදී සිදුවිය.   

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ ලෝක බැංකු වත්මන් ව්‍යාපෘති පිළිබඳව සහ එහි මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා  කල අතර එම වැඩ කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කිරීමටත් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල වැඩ කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා බව දෙපාර්ශවයම අවධාරණය කළහ.   

මේ සාකච්ඡාව සදහා සහභාගිවූ ලෝක බැංකු කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වූයේ ලෝක බැංකු ශ්‍රී ලංකා කළමනාකාර චියෝ කන්ඩා මහත්මියල ප්‍රධාන කෘෂිකර්ම විශේෂඥ  ඇන්ඩෘ ගුඩ්ලන්ඩ් සහ ජ්‍යෙෂ්ඨ ග්‍රාම සංවර්ධන විශේෂඥ සීනිතම්බි මනෝහරන් ය.

RSL

Related Posts