කොරෝනා කාලය තුළ රජයේ රෝහල්වල සායනික රෝගීන් සඳහා ඖෂධ නිවසටම
- RSL
- October 12, 2020
- පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
- featured
- 0 Comments
රජයේ රෝහල් සායන වලින් ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් සකස් කර ඇත. පළමු පියවර ලෙස හෙට සිට (2020.10.13) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක තුල ඇති රෝහල වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබා දීම ආරම්භ කෙරේ.
මෙම ඖෂධරෝගියා වෙත ගෙනැවිත් ලබා දීමට නම් රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය හා දුරකතන අංකය ලබාදීම අවශ්‍ය වේ. තමන්ගේ සායනික පොත සමඟ නිවැරදි ලිපිනය ලබාදී නොමැති නම්, දුරකතනය මගින් ඔබ බෙහෙත් ගන්නා රෝහලට ඇමතුමක් ලබා දී තොරතුරු යාවත්කාලීන කරන්න. එවිට ඔබේ රෝහලේ කාර්යය මණ්ඩලය ඔබේ බෙහෙත් පැකට්ටුව සකස් කර ලිපිනය, දුරකථන අංකය සඳහන් කර,තැපැල් කාර්යාලයට බාරදෙන අතර ලියුම් බෙදන නිළධාරියා මගින් ඔබගේ නිවසට ගෙනැවිත් බාරදෙනු ඇත.
රෝහල වෙත තොරතුරු සැපයීමේදී ඔබ ප්‍රදේශයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිළධාරී, ග්‍රාම නිළධාරීගේද සහය ලබා ගැනීම සුදුසු වේ.

