ශිෂ්‍යත්වය සහ උසස් පෙළ ගැන තීරණය අද හෝ හෙට – අධ්‍යාපන ඇමති
- RSL
- October 5, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් සහ තවත් ආසාදිතයින් 80 දෙනකු හමුවීම සමග රට තුළ පවතින වාතාවරණය මත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අද (05) හෝ හෙට (06) තුළ අවසන් තීන්දුවකට එළඹෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (05) දින පැවැති මාධ්‍ය හමුකදී සදහන් කළා
“5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 වැනිදා පැවැතවීමටත්, උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනිදා ආරම්භවීමටත් නියමිත පසුබිමක උද්ගතව ඇති තත්ත්වය හමුවේ විභාග පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය අද හෝ හෙට ගන්නවා“ යනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

