දිවුලපිටියෙන් තවත් කොවිඞ්-19 ආසාදිතයින් 69ක්
- RSL
- October 5, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
දිවුලපිටිය කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 69 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් බව ද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.
මේ වන විටත් අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 150ක් දෙනෙකුගේ පීසීආර් පරීක්ෂාවට ලක්කර ඇති බවත් එම ඉතිරි වාර්තා අද (05* දින ලැබීමට නියමිත බවත් යුද්ධ හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

