20 සංශෝධනයේ තිබුණේ වගන්ති 57 යි – එකෙන් 32 ක් දැනටම වෙනස් කරලා
- RSL
- October 1, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
20 වන සංශෝධනය කියලා වගන්ති 57 ක් ආණ්ඩුව ගැසට් කළා. දැන් එකෙන් 32 ක් සංශෝධනය කරලා. 20 ලිව්ව කෙනාට වැඩිය, මේක සංස්කරණය කරන ‘සබ් එඩිටර්ට‘ අවුල් යැයි මාතලේ පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.
සමගි ජන බලවේගයේ ‘දිනමු‘ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා රත්තොට, කයිකාවල පැවතැ රැස්වීමක් අමතමින් කවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය.
ලියපු කෙනෙක් නැති 20 සංශෝධනය, ලංකා ඉතිහාසයේ ලොකුම ව්‍යවස්ථා විහිළුව බවට පත් වෙලා තියෙනවා. මුල් සංශෝධනයේ තිබුණේ වගන්ති 57 යි. දැන් එකෙන් 32 ක් වෙනස් කරලා තියෙනවා. පේළි 51 ක් වෙනස් කරලා තියෙනවා. ඔන්න ඔහොමයි ‘වියත්මගේ ව්‍යවස්ථා හැදිල්ල‘ යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.
විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ළමයෙකුට දුන්නා නම් වීට වැඩිය හොඳට 20 සංශෝධනය ලියලා දෙනවා. ලියපු කෙනා නෙවෙයි දැන්, මේක සංස්කරණය කරන කෙනා හොයාගන්න ඕනි.
විධායක ජනාධිපතිවරයෙකුගේ කටින් පිටවෙන වචන ‘සර්කියුලර්‘ කරන්න හදන්නේ, ලියලා ගහපු ගැසට් එකේ වගන්ති 57 න් 32 ක් සංශෝධනය කරන ආණ්ඩුවක් යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

