20ට එරෙහි පෙත්සම් 32ක නීතිඥවරුන්ගේ දේශන අවසන්
- RSL
- September 30, 2020
- Uncategorized
- featured
- 0 Comments
වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 32 පිළිබඳ විභාගය අද (30) පෙරවරුවේ දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වූ අතර නඩු විභාගය පස්වරු 7.20 දක්වා පැවැත් විණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ එම පෙත්සම් විභාගය පැවැත් වේ.
එහිදී 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 32ක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණු අතර වැඩිදුර විභාගය ලබන සිකුරාදා (02) තෙක් කල් තබන ලදි.
ඒ අනුව ලබන සිකුරාදා සෙසු පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතය.

