IPL විස්තර විචාරයට පැමිණි හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයා මරුට
- RSL
- September 24, 2020
- Uncategorized
- featured
- 0 Comments
IPL ක්‍රිකට් තරගාවලියේ ස්ටාර් ස්පෝර්ට්ස් හි විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරමින් සිටි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩීන් ජෝන්ස් Dean Jones මුම්බායි හිදී අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට ජෝන්ස් 59 වැනි වියේ පසු වූ බව සදහන් වන අතර මරණයට හේතුව ලෙස සැලන්නේ හෘදයාබාධයක්.
ඩීන් ජෝන්ස් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 52ක් සහ එක්දින තරග 164ක් ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 3631ක් ද එක්දින තරග වලදී ශතක 7ක් සහ අර්ධ ශතක 46ක් සමගින් ලකුණු 6068ක් වාර්තා කිරීමට සමත්ව තිබුණි.

