20ට ජනමත විචාරණයක් ඉල්ලන පෙත්සම් ගණන 07 දක්වා ඉහළට
- RSL
- September 23, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද (23) සමගි ජන බලවේගය විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
ආණ්ඩුව විසින් ඊයේ (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන බවත් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම මගින් ඉල්ලා තිබෙනවා.
එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් සිය මූලික අයිතිවාසිකම් සහ ව්‍යවස්ථා උල්ලංඝනය වන බව පවසමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්කමක් ගොනු කළා.
පෙත්කම්කාර දෙමළ ජාතික සන්ධාන නායකයා තම මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් කියා සිටින්නේ රජය විසින් ඊයේ පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්තිවලින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතිකකර තිබෙන මූලික අයිතිවාසිකම් සහ වෙනත් ප්‍රතිපාදන ගණනාවක් උල්ලංඝනය කරන බවයි.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් ඒවා අනුමත වී පසුව ජනමත විචාරණයකින් ද අනුමත වියයුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
අද දින 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකත් සමග 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 07ක් ඉදිරිපත්ව තිබෙනවා.
සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, නීතිඥ ඉන්දික ගාල්ලගේ, අනිල් කාරියවසම්, ශ්‍රී ලංකා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධාන විධායක පාක්‍යසෝති සරවනමුත්තු යන පාර්ශව විසින් අදාළ පෙත්සම් ගොනු කර තිබෙනවා.

