වෛද්‍ය සභාව සම්බන්ධ කමිටු වාර්තාව “ස්වාධීන වාර්තාවක්“ වෙයිද ?
- RSL
- September 18, 2020
- පුවත් සහ වාර්තා, මතවාද
- featured
- 0 Comments
ශ්‍රී ලාංකික සිසුන්ට හට වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා මෙතෙක් පිළිගෙන තිබූ රුසියානුවේ ප්‍රමුඛතම රාජ්‍ය වෛද්‍යවිද්‍යාල කිහිපයක් අනුමත ලේඛණයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගන්නා ලද තීරණයත් සමග මහත් අන්දෝලනයකට තුඩු දෙන හේතුවක් විය. එය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් දක්වා මේ වන විට මෙම අර්බුදය දුරදිග ගොස් ඇත. එයට අමතරව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව ගණනාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අකටයුතුකම් පිළිබඳව විවිධ චෝදන එල්ල කරමින් එහි සාමාජිකත්වය දැඩි විවේනයකට ලක් කෙරමින් සිටී.
නමුත් පසුගිය කාලයන්හි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කමිටු සාමාජිකයින් හා එහි ලේඛකාධිකාරිවරුන්ගේ කටයුතු පිළිබඳ මතයක් හෝ ප්‍රකාශයක් පිළිබඳ සොයා බැළිමක් හෝ විවේචනයක් ද නොමැත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉහත තින්දුවත් සමග ඇතිවූ කැළඹිමත් සමග එහි කටයුතු පිළිබඳව සොයා බලා ස්වාධීන වාර්තාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය පස්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර, එහි සාමාජිකයින් සියලු දෙනාම වෛද්‍ය වෘත්තිකයින් වේ.
මෙම කමිටුවේ සාමාජිකයින් පළමුවෙන්ම වෛද්‍ය සභාවේ බලපෑමට ලක් වන අතර, එම සංයුතියේ තිදෙනකු රජයේ වෛද්‍යවරන්ගේ සංගමයේ සාමාජිකයින් සමන්විත වන බවද ආරංචි මාර්ග සඳහන් වන අතර, වෛද්‍යවරුන්ගේ සංගමය පසුගිය කාලය පුරා විදේශ රටවල වෛද්‍ය උපාධිය හැදැරූ වෛද්‍යවරන්ට සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින අතර, ලංකාවට අවශ්‍ය තරම් වෛද්‍යවරුන් සිටින බවත් ඔවුන්ගේ රාජ්‍ය සේවයට අනවශ්‍ය බවත්ය. එම තත්ත්වය තුළ මෙම කමිටුව විසින් සකසන ස්වාධීන වාර්තාව කොතරම් සාධාරණ ද යන සැකය පළමුවෙන් හට ගනී.
රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් දක්වා ගමන්කර ඇති අර්බුදයක ස්වාධීන වාර්තාව සකස් කිරීමට කමිටුවක් පත්කිරීමේදී එහි සංයුතිය ඉතා වැදගත් වේ. සාමාන්‍යයෙන් මෙවැනි කමිටුවක සභාපතිත්ත්වය පත්කළ යුත්තේ විශ්‍රාමික විනිශ්චයකාරවරයකුය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විගණනය ඇතුළ පරිපාලනය ගැන සොයා බැලීම සඳහා ඒ පිළිබඳ දැනුවත් විශේෂඥයකු මෙම කමිටුවට පත්කළ යුතු වන්නේය. වෛද්‍ය සභාවේ අර්බුද සෙවීම සඳහා වෛද්‍යවරුන්ගේ සමන්විත කමිටුවකින්, ස්වාධීන වාර්තාවක් ලබාගැනීම පිළිගැනීමට අසීරු කටයුත්තක් වේ.
විශේෂයෙන් දැනට පත්කර ඇති කමිටුවෙන් පහත සඳහන් කරුණු කොතරම් ස්වාධීන ලෙස කරනු ඇත් ද?
1. විදේශ වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන්ට පවත්වනු ලබන E.R.P.M විභාගය දිගින් දිගටම කල් දමන්නේ ඇයි ?
2. විදේශ වෛද්‍ය විද්‍යාල පරික්ෂා කිරීම සඳහා සංචාර කර ඇති වෛද්‍ය සභාවේ වෛද්‍යවරුන්ට හට ගුවන් ටිකට්පත්, තරු පහේ හෝටල් වල නවාතැන් වලට වියදම් කලේ කවුද ? කොපමණ ප්‍රමාණයක්ද ?
3. එසේ සංචාර කර ඇති වෛද්‍යවරුන් කවුරුන්ද ?
4. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික වෛද්‍යවරුන් විදේශ් වෛද්‍ය විද්‍යාල වල සිසුන් සඳහා දේශණ සඳහා සහභාගී වී ඇත්ද? ඔවුන් කවුරුන්ද ?
5. උසස් පෙළ සුදුසුකම් නොලත් සිසුන් වෛද්‍ය උපාධි සඳහා සඳහා නිර්දේශ කර ඇත් ද?
6. වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරවරුන් නිවැරිදි ලෙස කටයුතු කර ඇත් ද?
7. විදේශ් වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍ය සභාවට සාමාජික ගාස්තු වශයෙන් මුදල් ලබාගන්නවාද ? ඒ කොපමණ ප්‍රමාණයක් ද ? ඒවා විගණනයට පත් කර ඇත් ද?
8. වෛද්‍ය සභාවේ යම් සමාජිකයකු හෝ නිලධාරියකු පුද්ගලික වෛද්‍ය විද්‍යල වලට ළමුන් ඇතුලත් කරගැනීමේ ක්‍රියාපටිපාටියට ඍජුව හෝ වක්‍රව පුද්ගලික මට්ටමින් සම්බන්ධ වී තිබේද ?
එසේම මෙම කමිටුවේ වාර්තාව ස්වාධීන වාර්තාව වීමට නම්,
1. වෛද්‍යවරුන්ගෙන් පමණක් නොවන සිවිල් විශේෂඥ පුද්ගලයින් මෙම කමිටුවට ඇතුලත් කළ යුතුය.
2. වෛද්‍ය සභාව හෝ එහි කමිටු සාමාජිකයකු සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හා යෝජනා විභාග කිරිම සඳහා මාධ්‍යයට හා පුරවැසියන්ට විවෘත විය යුතුයි.
3. යම් පුද්ගලයන්ගේ චෝදනා පිළිබඳව වාචිකව ලබාදීමට අවස්ථාව ලබාදීය යුතුය.
සෞඛ්‍ය අමාත්‍යතුමිය විභාගයට ගත යුතු කරුණු හෝ විශ්ලේෂණයට ලක් කිරිමට ස්වාධීන කමිටුවක් පත් කළ යුතුමය.
එසේ නොමැති නම් වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවකින් ස්වාධින වාර්තාවක් ලබාගැනීම අපහසු කටයුත්තක් වනු ඇත. එම වාර්තාව පක්ෂාහීග්‍රාහි වුවහොත් වෛද්‍ය සභාව හෝ ඒ සම්බන්ධව කටයුතු කරන වෙනත් ආයතන සම්බන්ධයෙන්ද මහජනතාවගේ හා විදේශ් වෛද්‍ය සිසුන්ගේ විශ්වාසය බිඳි යනු ඇත.
සුජිව සෙනරත්

