රවී සමග තියුණු සටනකින් රුවන් එජාප නියෝජ්‍ය නායකත්වය දිනා ගනී
- RSL
- September 14, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පත්කර ගෙන තිබෙනවා.
එජාප නියෝජ්‍ය නායකත්වය සදහා එජාප උප නායකයා ලෙස කටයුතු කරන රවී කරුණානායක මහතා ද තරග කළ අතර ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතා ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ බෑණා කෙනෙකු වන රුවන් විජේවර්ධන විජය පුවත්පත් සමාගමේ හිමිකරු රංජිත් විජේවර්ධන මහතාගේ පුතුයෙකු ද වෙනවා.
එජාප නායකයා තමා බෑණා වන රුවන් විජේවර්ධන පක්ෂ නායකත්වයට රැගෙන එනු ඇති බවට කාලයක් තිස්සේ මතයක් තිබුණා.
මේ ගැන අප කළ විමසීමේදී එජාපයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම පාක්ෂිකයින් ද සදහන් කළේ එය ඉතාම ‘බාල වර්ගයේ‘ තෝරා ගැනීමක් බවයි.

