20 ගැන අධ්‍යයනය කර වාර්තාවක් ගන්න අගමැති කමිටුවක් පත් කරයි
- RSL
- September 12, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියොජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලද බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අද (12) දින පස්වරුවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් අදාළ කමිටුවේ සභාපතිත්වය දරනු ලබන්නේ කැබිනට් අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි.
කමිටුවට අදාළ සාමාජිකයින් පහත පරිදි වේ.
- අමාත්‍ය ජී.එල්.පීරිස්
- අමාත්‍ය උදය ප්‍රභාත් ගම්මන්පිල
- ගරු අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි
- ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
- ගරු අමාත්‍ය විමල් වීරවංශ
- ගරු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
- ගරු රාජ්‍ය අමාත්‍ය එස්.වියලේන්ද්‍රන්
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත
මෙම කමිටු වාර්තාව සැප්තැම්බර් මස 15 වන දින ගරු අග්‍රාමාත්‍යවරයාට බාර දීමට නියමිතය.

