2015-2019 ‘රාජ්‍ය බැංකුවල සිදු වූ අක්‍රමිකතා සොයන්න’ මහජන සහාය ඉල්ලයි
- RSL
- August 28, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික
- featured
- 0 Comments
2015 – 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව තීරණය කර තිබේ.
ඒ් අනුව, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි 2015 ජනවාරි මස 08 වැනිදායින් පසු සිදුව ඇති අක්‍රමිකතා, එකී ආයතනවල අරමුණුවලට පටහැනිව සහ බැංකු පනතේ විධිවිධාන සහ කාර්ය පරිපාටිවලට අනුකූල නොවන අයුරින් කටයුතු කළ අවස්ථාවන් සහ ඵලදායී නොවූ ක්‍රියාවන් හා ගණුදෙනු පිළිබඳව ජනතාව සතුව කිසියම් හෝ තොරතුරු වේ නම් එම තොරතුරු 2020 සැප්තැම්බර් මස 15 වැනි දිනට පෙර, අධ්යක්ෂ ජනරාල්, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට හෝ ananda_sl@yahoo.com යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකිරීමට කටයුතු කරන ලෙස එම කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුළ සිදු වූ අක්‍රමිකතා සොයාබැලීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව පත්කළ මෙම සිව් පුද්ගල කමිටුවේ ප්‍රථම හමුවේදී මෙම තීරණය ගත් අතර, එහි දී අදාළ බැංකුවල වෘත්තිය සමිති විසින් ද අක්රමිකතාවලට අදාළ ලිපිගොනු රැසක් කමිටුව හමුවට ඉදිරිපත් කෙරිණි.

