ශ්‍රී ලංකන් තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන්ගමන් අඛණ්ඩව
- RSL
- August 27, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව ඉතාලියේ – මිලාන්, එක්සත් රාජධානියේ – ලන්ඩන්, ජපානයේ – ටෝකියෝ, මාලදිවයිනේ – මාලේ, ජර්මනියේ – ෆැන්ක්ෆර්ට්, ප්‍රංශයේ – පැරිසිය හා ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් සිදුවේ.
මෙම ගුවන්ගමන් සදහා එක්වීමට අපේක්ෂා කරන මගීන් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ගාල්ල, නුවර සහ කොලඹ කාර්යල හරහා වෙන්කරවා ගැනීම් සිදුකල හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.

