රතන හිමියන්ට අකුලා ගැනීමට සිදුවෙයි – ඥානසාර හිමියෝ පාර්ලිමේන්තුවට
- RSL
- August 9, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා අද (09) පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.
මහ මැතිවරණයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ අතර මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.
අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට අතුරලියේ රතනහිමියන් ද සටන් කළේය.

