බිහිසුණු පිපිරීමෙන් පසු බේරූට් හි විනාශය
- RSL
- August 5, 2020
- Photo Stories
- featured
-
0 Comments
ලෙබනනයේ අගනුවර වන බේරූට් හි වරායේ ගබඩා සංකීර්ණයක ඊයේ (04) සිදු වූ දැවැන්ත පිපිරුමකින් 75 දෙනකු පමණ මියගොස් 4000කට අධික පිරිසක් තුවාල ලැබුවේය. වරාය සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර නගරය සුන්බුන් ගොඩක් බවට පත්විය. මේ එකී දැවැන්ත විනාශය කැමරා කාචවල සටහන් වූ ආකාරයයි.
බේරූට් වරාය අසල ප්‍රදේශය පිපිරීමෙන් විනාශයට පත්ව ඇති ආකාරය.
හානියට පත් ගොඩනැගිලි ඉදිරිපිට ලෙබනන් විගාමිකයාගේ ප්‍රතිමාව නොවෙනස්ව පවතී
පිපිරීමෙන් බොහෝ නිවාස විනාශ වී ඇත
පිපිරීමෙන් පසු නගරය පුරා දුම පැතිර ගියේය
යතුවාල ලැබූ මිනිසෙකු එම ස්ථානයෙන් ඉවත් කරන අයුරු
තුවාල ලැබූ දැරියක ප්‍රතිකාර සදහා රැගෙන යන අයුරු
පිපිරීමෙන් පසු මොහොතකින් වීදි අවුල් විය
පිපිරීමෙන් නගරයේ ගොඩනැගිලිවල වීදුරු සුනුවිසුනු විය
පිපිරුම සිදු වූ ස්ථානයන් දුමාරය පිටවන අයුරු
බී.බී.සී ඇසුරිණි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ