ඡායාරූපයක් වචන 1000ක් කියනවා කියලා කතාවක්
- RSL
- July 25, 2020
- Photo Stories
- featured
-
0 Comments
ඡායාරූපයක් වචන 1000ක් කියනවා කියලා කතාවක් තිබෙනවා. ඒත් ඇත්තටම ඇතැම් ඡායාරූප දිහා බලන කොට හිතෙන්නේ ඒවා වචන බිලියන ගණනක් කියනවා වාගේ. ඒ කියන්නේ ඡායාරූප ඒ තරම්ම ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්.
මේ තත්ත්වය නිසාම ‘ප්‍රවෘත්ති ඡායාරූපකරණය‘ කියන්නේ ජාත්‍යන්තර මාධ්‍යවල සුවිශේෂ අංගයක්. එම ආයතනවල ඡායාරූප ශිල්පීන් හොද ප්‍රවෘත්ති ඡායාරූපයක් ගැනීමට නොගන්න වෙහෙසක් නැහැ. නොතකන අවදානමක් නැහැ. ඒ නිසාම ජාත්‍යන්තර මාධ්‍යවල නිරන්තරයෙන් අගනා ප්‍රවෘත්ති ඡායාරූප පළවෙනවා. ඒත් මෙහිදී වැදගත් දෙයක් තිබෙනවා. ඒ අප්‍රිකානු මහද්වීපයේ කොතරම් ප්‍රබල පුවත් වාර්තා වුණත් ඒවා ඡායාරූපයට නැගී ජාත්‍යන්තර මාධ්‍යවල අවධානයට ලක් වෙන්නේ විරල වශයෙන්.
ඒත් ලෝ ප්‍රකට බී.බී.සී ආයතනය සතිපතා අප්‍රිකානු මහද්වීපයේ ප්‍රබලතම ප්‍රවෘත්ති ඡායාරූප එකතුව පළ කරනවා. දැන් ඔබට පුළුවන් මහාද්වීපය පුරා සහ ඉන් ඔබ්බෙන් පසුගිය සතියේ හොඳම ඡායාරූප තෝරා ගැනීමට.
ස්පාඤ්ඤයේ කෘෂිකාර්මික බිම්වල සේවය කරන මොරොක්කෝ ජාතික කාන්තාවන් මේ දිනවල සිය සේවය අවසන් කර යළි මව්බිම වෙත ගමන් කරනවා. මේ ඡායාරූපයේ දැක්වෙන කාන්තාවන් දෙදෙනා ද එසේ තම සේවය අවසන් කර බොට්ටුවකින් මොරොක්කෝව බලා ගමන් කරනවා.
කැරට් කියන්නේ ලෝකයේ අතිෂය ජනප්‍රිය එළවළුවක්. මේ කැරට් හා සම්බන්ධ ඡායාරූපයක්. සිම්බාබ්වේ හි කැරට් වගාකරුවෙක් සිය අස්වැන්න නෙළා අවසන් කර වෙළෙදපොළට ගෙන යාමට සූදානම් වන අපූරු ඡායාරූපයක් ඉහත දැක්වෙනවා.
කොවිඩ් වසංගතයෙන් දැඩි සේ බැටකන රටක් බවට නයිජීරියාව පත්ව තිබෙනවා. මේ නයිජීරියානු ජාතික කාන්තාවන් පිරිසක් පල්ලියේ යාඥාවට පැමිණ සිටින ආකාරය.
කොවිඩ් වසංගතය නිසා කෙන්යාවේ රජය ආගමික රැස්වීම් සඳහා තිබූ තහංචි ලිහිල් කිරීමෙන් පසු පල්ලිවල යළි ආගමික වතාවත් ආරම්භ කර තිබෙනවා. මේ කෙන්යානු ජාතික කතෝලික පූජකවරයෙක් යාඥාවේ යෙදෙන ආකාරය.
සුඩානයේ අගනුවර වන කාර්ටෝම් හි සුඩාන ගෞරවනීය ආරක්ෂක භටයින් කණ්ඩායමක් එරිත්‍රියාවේ හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින අයුරු
බොක්ෂිං කියන්නේ ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවක්. ඒ එහි ඇති සටන්කාමීත්වය නිසාමයි. මේ බොක්ෂිං ක්‍රීඩාවේ තවත් සුවිශේෂ ඡායාරූපයක්. කොංගෝවේ යූඑෆ්සී ප්‍රහාරක මාක් ඩයකීසි අබුඩාබියේ පැවැති බොක්ෂිං තරගයකදී කසකස්තානයේ රෆායෙල් ෆිසීව්ට පහරක් එල්ල කළ ආකාරයයි.
දකුණු අප්‍රිකාව කොවිඩ් වසංගතයෙන් බැටකන ප්‍රධාන රටක්. වසංගතය නිසා එහි ජනජීවිතය බොහෝ අඩාල වෙලා. ඒත් මේ දැරිය දුටු විට ඇතිවන්නේ බොහොම සුදහ හැගීමක්. දකුණු අප්‍රිකාවේ අගනුවර වන කේප් ටවුන්වාසී මෙම දැරිය දෙස මොහොතක් බලන්න. වචන කී දාහක් කියන්න පුළුවන්ද ?
අයිවරි කෝස්ට් හි විශාලතම නගරය වන අබිජ්ජන් හි පිරිමි ළමුන් දෙදෙනෙක් මේස පාපන්දු ක්‍රීඩා කරන අයුරු
ඊජිප්තුවේ, 15 වන සියවසේ කයිට්බේ බලකොටුව අසල මධ්‍යධරණී මුහුදේ මිනිසුන් දෙදෙනෙකු සහ බල්ලෙකු පිහිනමින් සිටින අයුරු
ස්වභාවධර්මයේ තවත් එක් අපූරු විස්මයක් දෙසයි ඔබ මේ බලා සිටින්නේ. ටැන්සානියාවේ සිට වාර්ෂිකව විවිධ වර්ගවලට අයත් වන සතුන් මිලියන ගණනක් කේයාවේ මසායි මාරා වෙත සංක්‍රමණය වෙනවා. මේ එහි එක් සුන්දර අවස්ථාවක්.
කොවිඩ් වසංගතය නිසා ගෝලීය වශයෙන් සංචාරක ව්‍යාපාරය අතිෂය දුර්වල තත්ත්වයට පත්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ සංචාරකයින් දැකීම අප්‍රිකාවේදී නම් විරල තත්ත්වයක්. මේ ටියුනීසියාවේ වෙරළ තීරයක ඇවිද යන සංචාරක යුවළක්. ටියුනීසියාව යළි ගුවන් ගමන් ආරම්භ කිරීම සමග සංචාරක ව්‍යාපාරය ජීවය ලබමින් තිබෙනවා.
කොවිඩ් වසංගතය නිසා දකුණු අප්‍රිකාවේ සංචාරක ව්‍යාපාරය බිද වැටී තිබෙනවා. එයින් යැපුණ මිලියන ගණනක් ජනතාව දැඩිව පීඩාවට පත්ව සිටිනවා. මේ එවැනි අවස්ථාවක්. VINO තිබිය යුතුයි” යනුවෙන් දකුණු අප්‍රිකාවේ මෙම ඉල්ලා සිටින්නේ හේතු ඇතිවයි. ආගන්තුක සත්කාර කර්මාන්තයේ බොහෝ දෙනෙක් පවසන්නේ දැනට සිදුවන අගුලු දැමීම ඔවුන්ගේ රැකියා සහ ව්‍යාපාර අවදානමට ලක් කරන බවයි.
සෝමාලියාවේ අගනුවර වන මොගඩිෂු අගනිවුර ජීවත් වන පුද්ගලයෙක් මත් වන ස්වභාවයක් ඇති කොළ වර්ගයක් සපමින් සතුටක් ලබනවා.
කොවිඩ් වසංගතය නිසා මල් සැකසුම් කර්මාන්තයට දැඩි බලපෑමක් ඇති වුණත් කෙන්යාවේ තත්ත්වය යහපත්. මේ කෙන්යාවේ රෝසමල් වගාකරුවෙක් තම රෝසමල් අපනයට සදහා සූදානම් කරන අයුරුයි.
ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩිල් පෙහ්ලක්වායෝ ක්‍රීඩා පිටිය මැද සිට කිසිවක් ගැන කල්පනා කරන අයුරු.
ඡායාරූප – ඒඑෆ්පී, ගෙටි ඉමේජස්, ඊපීඒ සහ රොයිටර්