Covid-19 Global Hot: ගෝලීය මරණ සංඛ්‍යාව ලක්ෂ 06 අභිසය
- RSL
- July 18, 2020
- CORONA: Covid 19, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
කොවිඩ් -19 ආසාදිතයින්ගේ ඉහළම අගය ඊයේ (17) වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා. ඒ අනුව ඊයේ දිනයේ ගෝලීය වශයෙන් ආසාදිතයින් 237,743 දෙනකු වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවෙන්.

කෙසේ වෙතත් අද (18) දිනයේ ගෝලීය වශයෙන් වාර්තා වී ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයින් 208,146ක් පමණයි.
අද දිනය වන විට ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,824,739ක් දක්වා ද මරණ සංඛ්‍යාව 591,666ක් දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.
වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව එක්සත් ජනපදයෙන් 3,544,143 සහ මරණ137,674ක් , බ්‍රසීලයෙන් ආසාදිතයින් 2,012,151ක් සහ 76,688මරණ ක් සහ ඉන්දියාවෙන් ආසාදිතයින් 1,038,716ක් සහ මරණ 26,273ක් සහ නව ආසාදිතයින් 34,884ක් වාර්තා වෙනවා.
ආසාදිතයින් කලාපීය වශයෙන්

කලාපීය වශයෙන් ගත්විට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ඇමෙරිකානු කලාපයෙන්. දෙවැනි තැන යුරෝපය ද තෙවැනි තැන නැගෙනහිර මධ්‍යධරණී කලාපය ද සිවුවැනි තැන දකුණු සහ නැගෙනහිර ආසියාවෙන් ද වාර්තා වෙනවා.

