හෙරෝයින් ජාවාරම: තවත් නාකොටික් 11ක් අත්අඩංගුවට

Spread the love

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ තවත් පොලිස් නිලධාරීන් 11 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිට මෙම නිලධාරීන් 11 දෙනා අත්අඩංගුවට ගත් බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක‍්‍රියාත්මක වන බව ද සඳහන් කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක්, සාජන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරයෙක් මේ වන විටත් අත්අඩංගුවේ පසු වෙනවා.

Tags: