‘ප්‍රියාංකා චෝප්රාගෙන්’ විශේෂ හෙළදරව්වක්
ඥාති සංග්‍රහය’ ගැන ලංකාවේ වගේම බොහෝ ආසියානු රටවල කතා කරනවා. බොහෝ දෙනෙක් කියන්නේ ‘ඥාති සංග්‍රහය නිසා සුදුස්සාට සුදුසු තැන අහිමිවීම පමණක් නොව දුෂණයට සහ අකාර්යක්ෂමභාවයත් නිර්මාණය වන බවයි. ඒ නිසා බොහෝ දෙනෙක් ඥාති සංග්‍රහය පිටුදැකිය යුතු බව කියනවා.

මේ අතර බොලිවුඩය ද යළිත් ඥාතී සංග්‍රහය ගැන කතා කරන්න පටන් අරන් තිබෙනවා. ඊට ආසන්නතම හේතුව වුණේ ජනප්‍රිය තරුණ නළුවෙකු වන සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අභාවයයි. මානසික ආතතිය නිසා සියදිවි නසාගත් තරුණ නළුවා නිසා යළිත් බොලිවුඩයට පිළිලයක් වී තිබෙන ඥාති සංග්‍රහය ගැන හඬ අවධිවීම බොහෝ දෙනකුගේ සතුටට හේතු වී තිබෙනවා.
‘සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අභාවය සමග බොලිවුඩයේ ඥාති සංග්‍රහය ගැන කතාවත් පුපුරා යමින් තිබෙනවා. දැන් විවාදයට තුඩු දී ඇත්තේ නිෂ්පාදකයින් පිටස්තර පුද්ගලයින්ට අවස්ථාව ලබා දෙනවාට වඩා තමන්ට සමීප අයට කැමති බවයි‘ ප්‍රකට බොලිවුඞ් විචාරක සංදීප් පඨේකාර් පවසනවා.
‘කෙසේ වෙතත් බොලිවුඩයේ ඥාති සංග්‍රහය පිළිබඳ විවාදය මෑතකදී අවධානයට ලක් වූ දෙයක් නොවේයි. මේ ගැන බොහෝ දෙනෙක් කතාකර තිබෙනවා‘ ඔහු කියනවා.
මේ අතර සුපිරි බොලිවුඞ් නිළියක වන ප්‍රියංකා චොප්රා පසුගිය දා ඥාති සංග්‍රහය නිසා තමාට විඳීමට සිදුවූ අපහසුතා ගැන, අවමන් ගැන කතා කළා.

ප්රමුඛ පෙළේ දිනපතා පුවත්පතක් සමඟ මීට කලකට පෙර ප්‍රියංකා කළ සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඥාති සංග්‍රහය සහ ඇයගේ වෘත්තීය ජීවිතය තුළ එයට මුහුණ දුන් ගැටලු පිළිබඳව කතා කළා.
තමා භාර ගත් චිත්‍රපටයක් වෙනුවෙන් දෙවැනිව වෙනත් අයෙකු නිෂ්පාදකයාට නිර්දේශ කර ඇති නිසා තමාව චිත්‍රපටයකින් පන්නා දැමූ බව ඇය අනාවරණය කළා.
කෙසේ වෙතත්, ප්‍රියංකා කියා සිටියේ එදා තමා එම අභියෝගයට ශක්තිමත්ව මුහුණ දී ක්ෂේත්රයේ දිග දුරක් පැමිණි බවයි. එසේම ඇය අවංකව කියා සිටියේ ‘උරුමයක් ඇති පවුලක උපත ලැබීමේ කිසිදු වරදක් නොමැති බව’යි.
කුමක් වුවත් අසාර්ථක වීමේ බියක් නොමැතිව ඉලක්කයක් සපුරා ගැනීම සඳහා තමා පුහුණු වූ බව ඇය මෙහිදී අනාවරණය කළා. ‘මේ ලෝකයේ කිසිවෙක් නොමිලේ දිවා ආහාරය ලබා දෙන්නේ නැහැ. ඒ නිසා සාර්ථක වීමට අවශ්‍ය කුමක්දැයි දැන් මා දන්නවා’ ප්‍රියංකා වැඩි දුරටත් පැවසුවා

Text by Filmfare.in – Wrote by – Thushadhav

