රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලදරන් ‘විස්ඩන්‘ ක්‍රිකට් මාසික සගරාව (Wisden Cricket Monthly) විසින් 20 වැනි සියවසේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා (Most valuable Test player of 21st century) ලෙස පසුගිය දා නම් කළා.
ලොව ප්‍රමුඛතම ක්‍රිකට් විශ්ලේෂණ සමාගමක් වන CricViz සමඟ සිදු කළ සමීක්ෂණයකට අනුවයි විස්ඩන් විසින් මෙම නම් කිරීම සිදුකර තිබෙන්නේ.
ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන්ගේ දායකත්වය පිළිබඳ නූතන තාක්ෂණය උපයෝගි කරගෙන CricViz සමඟ සිදු කළ සමීක්ෂණයකට අනුව විස්ඩන් සඟරාව විසින් 21 වන සියවසේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 30 දෙනකු නම් කර ඇති අතර මෙම 30 දෙනා අතරනි මුරලිදරන් ඉදිරියෙන්ම සිටිනවා.
විස්ඩන් ක්‍රිකට් මාසික සඟරාවේ කර්තෘ ජෝ හර්මන් නව නම් කිරීම ගැන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ පැවසුවා.
‘මුරලි සහ ග්ලෙන් මැක්ග්‍රාත් මෙම විශ්ලේෂණයේ දී වඩාත් ඵලදායී පන්දු යවන්නන් දෙදෙනා ලෙස කැපී පෙනේනවා. මෙම විමර්ශනයේදී අපි විශ්ලේෂණය කරන්නේ ක්‍රීඩකයින්ගේ බලපෑමයි. එහිදී අපි හොඳම පන්දු යවන්නා කවුද කියා විශ්ලේෂණය කර නැහැ. අපේ නිරීක්ෂණය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ තරගවල ඉරණම වෙනස් කළ දඟ පන්දු යවන්නෙකු ලෙස ඔහු සුවිශේෂ බලපෑමක් කළ බවයි. ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගවල ආධිපත්‍යය දැරීමට වැඩි අවස්ථාවක් ඔහුගේ පන්දු යැවීම හරහා ලැබී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ විස්ඩන් ක්‍රිකට් මාසික සගාරාවේ අලෙවිකරණ අධ්යක්ෂ සෑම් ස්ටෝ (Sam Stow) පැවසුවේ “අපි 2000 වසරේ සිට දත්ත එක්රැස් කර තිබෙනවා. 2000 සිට 2020 දක්වා දශක දෙකක් මේ සදහා සලකා බලා තිබෙනවා‘ යනුවෙනුයි.
“මුරලිගේ ටෙස්ට් කඩුලු 800න් කඩුලු 573ක්ම ඔහු බිඳ දැමුවේ 2000 ජනවාරි 1 වැනිදා සිට 2010 දක්වා කාල සීමාවේ ක්‍රීඩා කළ තරග 85කදියි. එම කාල සීමාව ඇතුළත මුරලිට වඩා වැඩි කඩුළු සංඛ්‍යාවක් අත්කර ගැනීමට සමත් වූයේ කඩුළු 584ක් බිඳ දැමූ එංගලන්ත වේග පන්දු යවන්නකු වන ජේම්ස් ඇන්ඩර්සන් පමණයි. නමුත් ඒ සඳහා ඔහුට ටෙස්ට් තරග 151කට ක්‍රීඩා කිරීමට සිදුවී තිබුණා.” සෑම් ස්ටෝ වැඩි දුරටත් සදහන් කළා.