හෙට සිට ඇඳිරි නීතිය දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා ලිහිල් වෙයි
- RSL
- June 13, 2020
- උණුසුම් පුවත්
- featured
- 0 Comments
හෙට, ජූනි 14 ඉරිදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා බවත් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාධිපති මාධ්‍ය අංශය අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙයි.

