ලොව ප්‍රකට අඹු-සැමි යුවළකගේ විවාහ සංවත්සරය පසුගිය 03 වැනිදාට යෙදී තිබුණා. ඒ බොලිවුඩ්හි අධිරාජ්‍යයා වන අම්තාබ් බච්චන්ගේ සහ ජයා බච්චන්ගේ වීමයි වඩාත් විශේෂත්වය වන්නේ්.
මේ අසිරිමත් යුවළ විවාහ වුණේ 1973 ජුනි 3 වනිදායි. ඒ අනුව අමිතාබ් – ජයා විවාහයට වසර 46ක් ගත වෙනවා. ලොව පුරාම සිනමා තරු (විශේෂයෙන් හොලිවුඩ් හි සහ ලංකාවේත්) ගත කරන කෙටි කාලීන විවාහ ජීවිත හා සසදා බලන විට අමිතාබ්-ජයා විවාහය කියන්නේ බොලිවුඩ් සිනමාපටයක් වාගේම සුන්දර ආශ්චර්යයක්.
අමිතාබ් – ජායා අති සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන බව, කළ බව කියන ජීවමාන සාක්ෂි වන්නේ ඔවුන්ගේ දරුවන්. අපි කවුරුත් දන්නා පරිදි අමිතාබ්-ජායා යුවළට අභිෂේක් බච්චන් සහ ෂ්වේටා බච්චන් නන්ද යන දරුවන් දෙදෙනකු සිටිනවා. ඒ වගේම අද අමිතාබ් – මුනුබුරු – මිනිබිරියන් දකින්න වාසනාවන්ත වී සිටිනවා. ඒ මුණුබුරන් තිදෙනා වන නව්‍ය නවේලි නන්දා, අගස්ති නන්දා සහ ආරධ්‍යා බච්චන් නිසයි.
ජය සහ අමිතාබ් යන දෙදෙනාම සැමවිටම කියා සිටියේ පවුල ඔවුන් වෙනුවෙන් පළමු තැනට පත්වන බවයි. විවාහ වීමට තීරණය කරන විට අමිතාබ්ගේ බොලිවුඩයේ සුපිරි තරුවක් බවට පත්ව සිටි අතර ජය ද හදවත් කිහිපයක් පාලනය කළාය.
නමුත් අමිතාබ් සමග විවාහයෙන් පසු ජයා සිනමාවෙන් ඈත් වූ අතර අමිතාබ් බොලිවුඩයේ කිරුළ දිනා ගත්තේය.
ඉතිං මේ සියලු සිදුවීම් මැද අපි ඔබ වෙනුවෙන් අමිතාබ්-ජයා ආදාර කතාවේ දශක 5ක පමණ ගමන් මගක ජීවමාන සාක්ෂි ඉදිරිපත් කරන අතර එමගින් ඔබට මේ අසිරිමත් ප්‍රේමනීය යුවළ ගැන බොහෝ දේ වටහා ගැනීමට හැකිවනු ඇති බව ද සහතික කරමු.
සියලුම ඡායාරූප ෆිල්ම් ෆෙයාර් ඇසුරිණි – සැකසුම තුෂාධවි