‘අරන්තලාව මහා භික්ෂු සහාරයට’ වසර 33යි
1987 ජුනි 2 දා සිදු කළ අරන්තලාව මහා භික්ෂු සහාරය සිදුකර අදට වසර 33යි. මෙම ලිපිය ඒ වෙනුවෙනි.
එල්.ටී.ටී.ඊ සංවිධානය ආරම්භක යුගය ලෙස 70 දශකය සැලකිය හැකිය. මිලේච්ඡ කොටි ත්‍රස්ථවාදි සංවිධානයක ආරම්භක පියවර ලෙස තවත් තරුණයන් සමග ප්රභාකරන් එල්.ටි.ටි.ඊ සංවිධානය ලෙස මිලේච්ඡ ක්‍රියාවන් ආරම්භ කරන ලදි. එහිදී මුලින්ම යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තිබූ රජයේ ලංගම බසයකට ගිනි තැබීය. එවා මහජන දේපලය. පසුව 1975 ජූලි 27 වැනිදා ප්රභාකරන් යාපනය නගරාධිපති දොරේඅප්පා ඝාතනය කිරිමෙන් මිනිස් ජිවිත විනාශ කිරීම ආරම්භ විය.
දෙමළ ජනතාවගේ විමුක්ති දායකයන් වන ඔවුන් පළමුව සිදු කලේ තමන්ගේ ජාතියේම දෙමළ දේශපාලඥයෙක් ඝාතනය කිරීමය. පසුව 1976 මැයි මස 05 දින දෙමළ සංවිධාන කිහිපයක් හා එක්ව වඩුක්කුඩේ ප්‍රදේශයේ සමුළුවක් පැවැත්විය. එහිදී 40-50 කණ්ඩායමක් වඩුක්කෝඩෛ ප්‍රදේශයේ පැවැත් වූ එම සමුළුව හරහා එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමේ ප්‍රතිපත්තිය ප්‍රකාශය ප්‍රකාශයට පත්කරයි. එම වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයක් අනුව බිහි වූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය ගොඩනගන ලදී.
ඒ අනුව දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය බිහිවූ අතර එය මගින් දෙමළ ජාතිකත්වයේ නිජබිම ලෙස උතුරු, නැගෙනහිර ප්‍රදේශය නම් කෙරෙණි. මෙම ප්‍රදේශය දෙමළ ඊළාම් රාජ්‍යය ලෙස නම් කළ අතර එයට ශ්‍රී ලංකාවේ භූමියෙන් 1/3ක් ද, ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් 2/3ක්ද වන ලෙස සීමාවන් නම් කරන ලදී. එම අරමුණු සාර්ථක කර ගැනීමට ලාංකීය දෙමළ ජනතාව සියවස් ගණනකට ආපස්සට ඇදගෙන ගියේය.
ඊට හත්පසින්ම වෙනස් අකාරයෙන් ලාංකීය මුස්ලීම් ජනතාව වර්ධනය වු අතර ඔවුන් හැම විටම ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරව එක්ව ගොස් මුස්ලිම් ජනතාවට සේවාවන් සිදු කරගැනීමට කටයුතු කලහ. එම නිසා මුස්ලීම් ජනතාවගේ ආර්ථිකය වර්ධනය කර ගැනීම මුස්ලීම් ප්‍රජාව නියෝජනය කරන දේශපාලකයන් හරහා සිදු විය. එහිදි රටක ආර්ථික මරමස්ථානයක් ලෙස අමාත්‍යංශ හරහා ව්‍යාපර සම්බන්ධ කර ගැනීමට, ඒ සදහා උදව් උපකාර ගැනීමටද, එම ජනාතවට හැකි විය. මෙහි එක් පැත්තකින් වරදක් නැත. තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කිරිම ඒ වෙනුවෙන් වෙහෙස විම ඒ ඒ ජනතාවගේ උන්නතියට හේතු වන්නේය.
එහෙත් දෙමළ ජනතාව නියෝජනය කරන ප්රභාකරන්ගේ නායකත්වයෙන් මේසේ වර්ධනය කරනවා වෙනුවට ලංකාවේ ආර්ථික මරමස්ථානවල හා වෙනත් දේශපාලකයින්, බුද්ධිමතුන්, අහිංසක ජනතා ඝාතන සැළසුම් දිගින් දිගටම ක්‍රියාවට නංවන ලදි.
ඒ අතර එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින්ගේ බිහිසුණු ක්‍රියා කිහිපයක් සිහිපත් කරගැනීමේ දි, 1987 මධ්‍යම බස් නැවතුම්පල බෝම්බ ප්‍රහාරය, හැව්ලොක් මංසංදියේ බෝම්බ ප්‍රහාරය, 1990 ශ්‍රී ලාංකික පොලිස් නිලධාරින් සමූල ඝාතනය, 1996 මහ බැංකු බෝම්බ ප්‍රහාරය, 1996 දෙහිවල දුම්රිය පොළ බෝම්බ ප්‍රහාරය, 1997 කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බෝම්බ ප්‍රහාරය, 1998 දළදා මාලිගාවට එල්ල වූ ප්‍රහාරය, වැලිවේරිය බෝම්බ ප්‍රහාරය, අකුරැස්ස මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, 2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය, 2008 කොටුව දුම්රිය නැවතුම්පල බෝම්බ ප්‍රහාරය, 2008 පිළියන්දල බස් බෝම්බ ප්‍රහාරය, 2008 මොරටුව බස් බෝම්බ ප්‍රහාරය, 2008 පොල්ගොල්ල බස් බෝම්බ ප්‍රහාරය, කැබිතිගොල්ලෑව සමූල ඝාතනය, කාත්තන්කුඩි මුස්ලිම් පල්ලියේ සමූල ඝාතනය, ශ්‍රී මහා බෝධි වහන්සේ ඉදිරිපට උවැසි උවැසියයන් ඝාතනය, පල්ලියගොඩැල්ල සමූල ඝාතනය, ගෝනගල සමූල ඝාතනය, ගෝමරන්කඩවල සමූල ඝාතනය, මහවිලච්චිය සමූලඝාතනය, මහගොඩයාය සමූලඝාතනය, කෙන්ට් සහ ඩොලර්ෆාම් සමූල ඝාතන, කල්ලරාව සමූල ඝාතනය, කෝකිලායී සමූල ඝාතනය, 2001 ජුලි කටුනායක ගුවන් තොටුපල ප්‍රහාරය, කොලොන්නාව තෙල් ටැංකි ප්‍රහාරය, ආදී මෙකී නොකි ප්‍රහාර රාශියකට වගකිම ප්රභාකරන් විසින් භාරගත යුතු විය.
1985 වර්ෂයේදී මැයි 14 වන දින අනුරාධපුර පිහිටි ශ්‍රී මහා බෝධින් වහන්සේ ඉදිරිපිට දි අහිංසක ජනතාව සමූල ඝාතනය කිරිමත්, මහනුවර දළදා මාලිගාවට පහර දීමත්, සිංහල බෞද්ධ හදවත් සංවේදි කරන ප්‍රහාර ලෙසද, අරන්තලාවේ භික්ෂුන් වහන්සෙලා ඝාතනයද, ඒ හා සමානව ලෙස සැළකිය හැකිය.
මෙය ශ්‍රී ලංකාවේ දෙමළ කොටි ත්රස්තවාදීන් විසින් ක්‍රියාවට නංවන ලද අතිශයින්ම දරුණු මිනිස් සංහාරයකි. එය දෙමළ කොටි ත්රස්තවාදීන් විසින්, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශයකදී සිදු කරන ලද පළමු දැවැන්ත මිනිස් ඝාතනයක් ලෙස ලෙස සැළකිය හැකිය. 1994 දි පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට මහ රැකවරණයක් වු දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ට වෙඩි තබා මෙම එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදින් විසින් ඝාතනය කරන ලදි. දිඹුලාගල නාහිමියන්ද ත්රස්වාදයට මුහුණලා සිටි ගම්මානවල ජනතාව අරක්ෂා කළ හිමි නමකි. එබැවින් උන්වහන්සෙට ද මෙම ත්‍රස්වාදයේ ගොදුරක් බවට පත්වන්නට සිදු විය.
වසර 33ක් සපිරෙන 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී සිදුකල තවත් මිලෙච්ජ එල්. ටි. ටි. ඊ. සංවිධානයේ සමූල ඝාතනයකි. උතුර නැගෙනහිර දෙදිශාවේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා 31 නමක් ද ගිහියන් තිදෙනෙකු ඇතුළු 34 දෙනකු සමූල ඝාතනය විය.
මෙම භික්ෂුන් වහන්සේලා අතර අතිශයින් බහුතරයක් කුඩා ස්වාමින් වහන්සේලාය. මෙම කුරිරු ඝාතනය සිවිල් යුධ සමයේ කොටි සංවිධානය විසින් සිදු කළ වඩාත් අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැලකිය යුතුය. මෙම ස්වාමින් වහන්සේලා සියලු දෙනම කැති පොලුවලින් පහර දී ඝාතනය කරන ලද අතර එය අහිංසක සතුන් ඝාතනය කරනවා වැනි මිලෙච්ඡත්වයේ උපරිමය ලෙස දැක්විය හැකිය.
2009 මැයි 19 දින කොටි ත්‍රස්තවාදය අවසන් වන තුරු ලංකා දෙරණ තුළ මිනිස් ඝාතන දේපොල විනාශය මෙපණයි යැයි කිව නොහැකිය. ත්රස්වාදය සම්බන්ධව ලංකාවේ අපට විශාල අත්දැකිම් ඇති රටකි. 30 වසර යුද්ධය අවසන් කර වසර 11 කි. එසේම ලෝකයයේ දරුණුම ත්‍රස්තවාදය නැතිකල අභිමානවත් රටක් ලෙස අපට ගෞරවයක් හිමිවන බැවින් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් දැරීම ඕනෑම ත්රස්තවාදයක් වර්ධනය වීමට හේතුවෙයි. අප රට තුළ පහළ වු පාලකයන් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉතා ලිහිල් ප්‍රතිපත්ති ගෙන ක්‍රියා කිරිම නිසා අවුරුදු 30 ආසන්න කාලයක් යුද්ධයක් ඇදගෙන යන්නට සිදුවිය.
ලංකා රාජ්‍ය විසින් ත්‍රස්තවාදය දැන් අවසන් කර ඇත. එම ත්‍රස්වාදයක් තුළ මානව හිමිකම් අනිවාරයෙන්ම සමස්ථ සමාජයටම අහිමි වෙයි. එය එක් ජාතියකට පමණක් සිදුවන කාරණයක් නොවන්නකි. දැන් ලෝක ප්‍රජාව විසින් ලංකා රාජ්‍ය විසින් සිදු කරන ලද ත්‍රස්තවාදය අවසන් කිරිම සම්බන්ධයෙන් අධ්‍යන කොට දැනට ත්‍රස්තවාදය ඇති රටවලට ලංකාවේ ආදර්ශය ලබා ගැනීමට කටයුතු කිරිමට සැලැස්වීම ඉතා වැදගත්ය. ලෝක ත්රස්වාදය නැති කර ගැනීමට ද මේ පුංචි දේශයේ ආදර්ශය ගත හැකි බව ලෝක ප්‍රජාව දැන ගත යුතුය.
අරන්තලාව භික්ෂු ඝාතනය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් 1987 ජූනි 2 වැනිදා අම්පාර දිස්ත්‍රික්කයේ අරන්තලාවේදී සිදුකළ සමූල ඝාතනයකි. මෙම කුරිරු ඝාතනය කොටි සංවිධානය විසින් සිදු කළ වඩාත් අපකීර්තිමත්ම විනාශකාරී ක්‍රියාව ලෙස සැළකිය යුතුය. අප සැමවිට සිහිපත් කළ යුතු කරුණක් ලෙස, කොටි ත්රස්තවාදයේ බිහිසුණු ක්‍රියා සම්බන්ධයෙන් නූතන පරපුර දැනුවත් කළ යුතුය. සිංහල සමාජයට මෙවැනි සිදුවීම් ඉතා කෙටි කාලයකින් අමතක වන බව ප්‍රසිද්ධ කතාවකි. එසේ අද ජිවත් වන තරුණ පරපුර ත්රස්තවාදයේ බිහිසුණු බව වටහ දිය යුතු කාලයකි.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් ඉතා කෲර ආකාරයෙන් ඝාතනය කරන ලද පුජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන්ගේ කුඩා ස්වාමින් වහන්සේලා අප සැමදා සැම කල් සිහිපත් කළ යුතුය.එදා අරන්තලාව භික්ෂු ඝාතනය සිදු කළ ස්ථානයේම එම බස් රිය තුළ ඉදි කරන ලද භික්ෂු ප්‍රතිමාව ආදි සිහිවටන ඉදිකර තිබිම ඉතා අගය කල යුතුය. කුමක් හෙයින් ද මෙම සිදු විම් අප සමාජයෙන් ක්‍රමයෙන් අමතක වී ගෙන යන බැවිණි. මෑත ලෝක ඉතිහාසයේ දරුණුතම භික්ෂු සංහාරය වන 1987 අරන්තලා භික්ෂු ඝාතනය සැළකිය හැකිය. එම සිදු වීමෙන් ජීවිතය බේරාගෙන සුවකළ නොහැකි ලෙස ආබාධිත වූ එකම ස්වාමීන් වහන්සේ පූජ්‍ය ආඳාඋල්පොත බුද්ධසාර හිමියන් පමණි.
මෙවැනි අතීතයක් ඇති ත්රස්තවාදයක් සම්බන්ධයෙන් අප ගත් ක්‍රියාමාර්ග හැර වෙනත් ක්‍රියාමාර්ගයක් අද ලෝකයාට ද බටහිර රටවල්වලට ද නොමැත. එල්.ටි.ටි.ඊ ත්‍රස්තවාදය සංවිධානය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය මගින් ගත් ක්‍රියා මාර්ගය අවබෝධ කර ගැනීමට කාලය එළඹ ඇති බව ලෝකයට අවබෝධ වේවායි පතමු. අද වන විට ඉස්ලාම් ආගම සමග බැදුණු ත්රස්තවාදයක් ලෝකය ගිල ගනිමින් ඇත. හිරු නොබසින අධිරාජ්‍යයේ මෙසේ අහිංසක ජනතා එල්ල කරගෙන බෝම්බ පිරිම පුදුම සහගතය. නුතන යුගයේ විද්‍යා තාක්ෂණය උපරිමයෙන් භාවිතා වන සමාජයක ආගමික උම්මාදයක් ඇති වීම විද්‍යා තාක්ෂණයට කරන අභියෝගයකි.
පුජ්‍ය හැගොඩ ඉන්දසාර නාහිමියන් හා මාගේ ගුරුවරයානන් වහන්සේ අතර කිට්ටු මිත්‍රසම්බන්ධයක් තිබිණි. අප පැවිදි වුයේ 1986 දිය. හෑගොඩ නාහිමියන්ගේ විහාරස්ථානයක් කොල්ලුපිටිය තිබිණි. අප ද රාජගිරියේ වාසය කළ බැවින් මෙම කොල්ලුපිටිය පුෂ්පාරාම පන්සලේ සිදුවන දාන පාංශු කූල සදහා අපට ද ආරාධනා ලැබිණි. මෙම ඝාතනය වු කුඩා හිමිවරුන් සමග එකට දානවලට වැඩම කිරිමට හැකි විය. එම හිමිවරුන් මෙසේ ඝාතන විම එදා අපට මහත් සංවේගයට හේතු විය. එදා සිට අප ත්‍රස්තවාදය වෙනුවෙන් මට කළ හැකි හැමදෙයක්ම සිදු කිරීමට එයද එක් හේතු විය.

ශාස්ත්‍රවේදි : බුදුගල ජිනවංස හිමි – හෙළ බොදු සවිය- සභාපති

