කලු කොටියා මරුට
- RSL
- May 29, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට හසු වි මුදාගත් කළු කොටියා අද (29) උදැසන උඩවලව ඇත් අතුරු සෙවනේදි මිය ගිය බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් ප්‍රකාශ කළා.

එම වතු යායේ එළවළු වගා භුමියක දඩයම්කරුවන් විසින් අටවා තිබු මන්දකට කළු කොටියා හසු වි සිටි අතර උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍යවරුන් විසින් මන්දට හසු වි සිටි කොටියා නිර්වින්දනය කර මුදා ගැනීමට පියවර ගත්තා. වැඩිදුර ප්‍රතිකාර සදහා උඩවලව ඇත් අතුරු සෙවන පශු වෛද්‍ය රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබමින් සිටියදි අද උදැසන කලු කොටියා මිය ගොස් තිබෙනවා.


