බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රාගේ ලොව මන්මත් කළ ‘සුපිරි විලාසිතා’

Spread the love

ශෛලිය‘ යනු පුද්ගලාරෝපිත ප්‍රකාශනයකි. කෙනෙකුට ලෝකයේ ඕනෑම ඇඳුමක් ඇඳිය ​​හැකි නමුත් ඔහු / ඇය එය අදින ආකාරය වෙනස ඇති කරයි. මෙම නිර්දෝෂී පෞද්ගලික ශෛලිය බිඳ දැමීමට සමත් වූ එක් ජනප්‍රිය චරිතයක් වන්නේ සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ය. 

බොලිවුඩයේ සුපිරි බව ගෝලීය සිනමා ප්‍රකාශනය වන හොලිවුඩය වෙත ගෙන ගිය ප්‍රියංකා තම ස්වදේශීය විලාසිතා හොලිවුඩය තුළ ද කතාබහට ලක් කළාය. ඒ අතර ඉන්දිය තරුණ කතුන් වඩාත්ම අනුගමනය කරන විලාසිතා තරුව බවට ප්‍රියංකා නිතරගයෙන් පවත්ව ඇති අතර ඇය විලාසිතා ලොවේ තමාටම වෙන් වූ සුවිශේෂ අනන්‍යතාවත් ගොඩනගා ගෙන ඇත.

වසර 2000 දී ලෝක රූ රැජිණ (Miss World) කිරුළ දිනූ ප්‍රියංකා 2003 දී Andaaz  සිනමා පටයෙන් සිය සිනමා ජීවිතය ආරම්භ කළ අතර ඇය ඉතා කෙටි කාලයකින් බොලිවුඩය තුළ සිය ස්ථාවරත්වය ගොඩනගා ගෙන සුපිරි නිළියකගේ තත්ත්වයට පත් වූවාය. ඒ බව සනාථ කරමින් ඇය Filmfare Award for Best Debut Female සම්මානය දිනා ගත්තාය. 

ඊළඟ වසරේ, 2004 දී ඇය Aitraaz චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ‘හොඳම රංගනය වන ෆිල්ම් ෆෙයාර් සම්මානය‘ දිනා ගත්තාය.  මේ වන විට ෆිල්ම් ෆෙයාර් සම්මාන 5 ක් දිනා ගෙන සිටින ප්‍රියංකා තම නමට ඉදිරියෙන් තවත් සම්මාන රැසක් ලියා ගෙන ඇත.

සිනමා රංගනය පමණක් නොවේ, ප්‍රියංකා ලොව පුරා වඩාත්ම ඉල්ලුමක් ඇති විලාසිතා ශිල්පිනියක් වන අතර ඇය සුපිරි සන්නම්නාම රැසක තානාපතිනියක් ලෙස සේවය කරයි.

වසර ගණනාවක් පුරා ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී ප්‍රියංකා ආකර්ෂණීය විලාසිතා රැසක් ලොව හමුවේ තැබූ අතර තවත් මොහොතකින් ඒවා ඉන්දියාව පුරා මෙන්ම ලෝකය පුරා අනුගමනය කරන විලාසිතා බවට පත් විය.

අපි ඒ සුපිරි විලාසිතා ඔබ වෙත ගෙන එන්නෙමු. බලන්න ඔබට ඒවා කොතරම් සුන්දර පෙනුමක් ලබා දේවිද කියලා..

ප්‍රියංකා චොප්රා
ප්‍රියංකා චොප්රා
ප්‍රියංකා චොප්රා
ප්‍රියංකා චොප්රා
ප්‍රියංකා චොප්රා
ප්‍රියංකා චොප්රා
ප්‍රියංකා චොප්රා

Filmfare ඇසුරිණ් සකස් කළේ – තුෂාධවි

Tags: