අස නව ආසාදිතයින් 134ක් සමස්ත ආසාදිතයින් ගණන 1453ට නගී
- RSL
- May 27, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
අද (27) දින පස්වරු 21.05 වන විට කොවිඩ්-19 ආසාදිතයින් 134දෙනකු වාර්තා වී ඇති බවත් ඒ අනුව ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1453ක් දක්වා ඉහළ ගිය ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ.
එහි දැක්වෙන්වේ මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 711ක් වන අතර දැනට රෝහල්වල අධීක්ෂණය යටතේ සිටින පුද්ගලයින් ගණන 75ක් බවයි.
අද දිනය වන විට සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 732ක් බවත් මරණ සංඛ්‍යාව 10ක් බවත් එහි වැඩි දුරටත් දැක්වේ.

මේ අතර අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සදහන් වුණේ යාපනය නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානයට ලක් වෙමින් සිටි නාවික සෙබළුන් 52 දදෛනකු කොවිඩ්-19 ආසාදිතයින් වශයෙන් හදුනා ගත් බවයි.

