Covid-19 Today Hot: නව ආසාදිතයින් 135ක් සමග මුළු ආසාදිතයින් ගණන 1317ට නගී
- RSL
- May 26, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (26) දින වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ අද ප.ව 22.05ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව ඒ වන විට වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 135ක් වෙනවා. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1317ක්.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 595ක් වන අතර දැනට රෝහල්වල අධීක්ෂණය යටතේ සිටි පුද්ගපයින් සංඛ්‍යාව 76ක්. සුවය ලැබූ සංඛ්‍යාව 712ක් වන අතර මරණ සංඛ්‍යාව 10ක් බවයි සදහන් වන්නේ.
මේ අතර අද දින සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේ පසුගිය මැයි 01 වැනිදා සිට පොදු සමාජයෙන් කිසිදු කොවිඩ්-19 ආසාදිතයෙකු වාර්තා නොවූ බවයි.

