අදත් COVID-19 ආසාදිතයින් 41ක් – මුළු ගණන 1182යි – මරණ 10යි
- RSL
- May 25, 2020
- CORONA: Covid 19
- featured
- 0 Comments

අද (25) දින ප.ව 19.05 වන විට කොවිඩ්-19 නව ආසාදිතයින් 41 දෙනකු වාර්තා වූ බවත් ඒ සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගිය බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ සදහන් වේ.
එහි දැක්වෙන්නේ මේ වන විට කොවිඩ්-19 ආසාදනය වූ රෝගීන් 477 දෙනකු රෝහල් තුළ ප්‍රතිකාර ලබන බවයි. දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 79 දෙනකු වන අතර 695 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
අද දින වාර්තා වූ 52 හැවිරිදි කාන්තාවගේ මරණයත් සමග ලංකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගිය බව එම වාර්තාවල සදහන් වේ.

