කරු ගැන මව්බිම – Ceylon Today පුවත ජාතික පොලිස් කොමිෂම ප්‍රතික්ෂේප කරයි
- RSL
- May 18, 2020
- Uncategorized
- 0 Comments
මාධ්‍ය නිවේදනය.
2020.05.17 දින ඉරිදා මව්බිම සහ සීලෝන් ටුඩේ යන පුවත්පත්වල “පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි” හා “ NPC exposes Karu” යන ප්‍රධාන සිරස්තල යටතේ පල වු ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම සාවද්‍ය හිතාමතා නිර්මාණය කරන ලද්දක් බවට තහවුරු කරමින් ජාතික පොලිස් කොමිසම් සභාව විසින් නිල වශයෙන් නිකුත් කරන ලද ලිපියෙහි පිටපතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිතුමන් වෙතද යොමු කරනු ලැබ ඇත.
මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත් විසින් පල කරන ලද එම සාවද්‍ය පුවත අනෙකුත් විද්‍යුත් හා සමාජ මාධ්‍යන්හි අවධානයටද යොමුව ඇති බැවින් එම පුවත සාවද්‍ය බව සනාථ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා වෙත ජාතික පොලිස් කොමිසම් සභාවෙන් යොමු කරන ලද ලිපිද, මේ සමඟ මාධ්‍ය වෙත නිකුත් කරමු.
කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය


