නොමිලේ ලැප්ටොප් පරිගණක ලබාදෙන මුවාවෙන් පෞද්ගලික තොරතුරු රැස් කිරීමේ ක්රියාවලියක්
- RSL
- May 16, 2020
- පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
නොමිලේ ලැප්ටොප් පරිගණක ලබාදෙන මුවාවෙන් වට්සැප් සමාජ මාධ්ය යෙදුම හරහා මේ දිනවල පෞද්ගලික තොරතුරු එක්රැස් කිරීමේ ක්රියාවලියක් සම්බන්ධයෙන් අප ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට තොරතුරු ලැබී ඇත.
http://order.freelaptops . site/ නම් වෙබ් ලිපිනය හරහා මෙම පෞද්ගලික තොරතුරු රැස් කරගැනීමේ ක්රියාවලිය සිදුවන අතර විශේෂයෙන්ම “Goverment Providing Free Laptop For Youth” නමින් මෙය සමාජ මාධ්ය යෙදුම් තුල හුවමාරුවීම නිසා බොහෝ පුද්ගලයන් ප්රමාණයකගේ පෞද්ගලික දත්ත මෙය මෙහෙයවන කණ්ඩායම සතුවිය හැකිය.
මෙලෙස විවිධ දෑ නොමිලේ ලබාදෙන මුවාවෙන් සිදුකරනු ලබන තොරතුරු රැස්කිරීම් ක්රියාවලින් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස අප ශ්රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම්දෙමු.

