මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පදවියට
යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් සංජීව මුනසිංහ මහතා අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ලෙස වැඩ භාර ගත්තේය. ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මේජර් ජෙනරාල් මුනසිංහ මහතා නව පත්වීමට අමතරව යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය ද දරනු ඇත.

