අද දින (10) ප.ව 18.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 08 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොව්ඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 855 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයයේ නිල වෙබ් අඩවියේ සදහන් වෙනවා.
එහි දැක්වෙන ආකාරයට රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 525ක් වන අතර විමර්ශනය යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 116ක්. සුවය ලබා පිටව ගිය පුද්ගලියින් සංඛ්‍යාව 321ක් වන අතර මරණ සංඛ්‍යාව 09ක්.
ගෝලීය ප්‍රවණතා
ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් ගැන දත්ත ඉදිරිපත් කරන ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනා වෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම වාර්තා අනුව අද (10) දින පෙ.ව 09.32 වන විට ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 4,067,112ක් වන අතර මරණ සංඛ්‍යාව 280,507ක් ලෙස සටහන්ව තිබුණා.
වැඩිම මරණ සංඛ්‍යාවක් හා ආසාදිතයින් සංඛ්‍යාවක් තව දුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 1,314,799 සහ 78,932ක් ලෙස සටහන් වුණා.
මරණ 1000ට වැඩියෙන් වාර්තා කළ රටවල්
31,930 එක්සත් රාජධානිය, 30,560 ඉතාලිය, 26,478 ස්පාඤ්ඤය, 26,313 ප්‍රංශය, 10,697 බ්‍රසීලය, 8,656 බෙල්ජියම, 7,549 ජර්මනිය, 6,640 ඉරානය, 5,459 නෙදර්ලන්තය, 4,824 කැනඩාව, 4,637 චීනය, 3,786 තුර්කිය, 3,353 මෙක්ෂිකෝ, 3,225 ොස්වීඩන්, 2,153 ඉන්දියාව, 1,915 රුසියාව, 1,830 ස්විස්ටර්ලන්තය, 1,814 පීරු, 1,717 ඉක්දෝරය, 1,446 අයර්ලන්තය, 1,135 පෘතුගාලය.