අප්‍රිකාවේ ජනප්‍රිය ‘කොරෝනා කොණ්ඩ විලාසිතා’ සහ කොවිඩ් සමග අප්‍රිකානු ජීවිතය
- RSL
- May 4, 2020
- විශේෂාංග
- featured
-
0 Comments
අපි බොහෝ විට ඡායාරූප කතා ගැන කියවන්නේ යුරෝපයේ හෝ ආසියානු රටවල්වල. අප්‍රිකාව ගැන අපි නොදන්නා තරම්. ඒත් අප්‍රිකාව කියන්නේ අසීමිත විවිධත්වයක් හා විචිත්‍රත්වයක් ඇති තැනක්. ඒ වගේම හරිම සුන්දර මිනිසුන් හා සංස්කෘතීන් ඇති තැනක්. ඒ නිසා අපි තීරණය කළා කොවිඩ් වසංගත තත්ත්වය තුළ අප්‍රිකානු ජන ජීවිතය ඡායාරූපවලින් ඔබට කියන්න. මේ ඒ ඡායාරූප කතාව.
(ඉහළ ඡායාරූපය – හැවිරිදි කෙන්යානු ජාතික දැරියක වන ස්ටේසි අයුමා Stacy Ayuma ඇගේ කොණ්ඩය නව විලාසිතාවකට අනුව සකස් කර ගන්නා ආකාරය. දිග කරල් වැනි මෙම විලාසිතාව අළුත් දෙයක් නොවුනත්, සමහරු දැන් එය “කොරොන වෛරස්” ලෙස හඳුන්වන්නේ එය කොරෝනා වෛරසයේ හැඩයට සමාන බව පවසමිනි)
ලයිබීරියාවේ ජාතික ධජයේ වර්ණවලින් යුත් මුහුණු ආවරණයක් පැළද සිටින්නේ එහි අගනුවර වන මොන්රෝවියා හි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෙකි.
ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ හි විලාසිතා ප්‍රදර්ශනාගාරයක මුහුණු ආවරණ පළදවන ලද කාන්තා අනුරූ පසුකර යන යුවතියන් දෙදෙනෙක්.
දකුණු අප්‍රිකානු නගරයක් වන ජොහැන්නස්බර්ග් හි, රැකවරණය ලබන නිවැසියෙකුට ස්වේච්ඡා සේවකයෙක් ආහාර ලබා දෙන අයුරු.
දකුණු අප්‍රිකානු නගරයක් වන ජොහැන්නස්බර්ග් හි නිවැසියන් නොමිලේ ආහාර ලබා ගැනීම සඳහා පෝලිමේ සිටින විට අතින් මුව වසාගෙන සිටින අයුරු
අයිවරි කෝස්ට්හි මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට රටඉදි අලෙවියේ යෙදී සිටින පිරිමි ළමයෙක්. රාමසාන් උපවාස සමයේ රටඉදි සදහා විශාල ඉල්ලුමක් පවතී.
අබිජ්ජන්හි ගැහැණු ළමයෙක් ආගමික ග්‍රන්ථ අසල සිටගෙන සිටින අයුරු.
සෙනෙගල් අගනුවර තදාසන්න ප්‍රදේශවල අවශ්‍යතා ඇති අයට බෙදා හැරීමට පෙර ආහාර සැපයුම් සකස් කර අති අයුරු.
ඊජිප්තුවේ කයිරෝ නුවර බිත්ති සිතුවමක් පසුකරන යන කාන්තාවක්.
යවයඹදිග මොරොක්කෝවේ අත්‍යවශ්‍ය කම්කරුවන්ට ස්තූති කිරීමේ පණිවිඩ සහිත බිතුසිතුවමක් පසු කර යන අශ්ව කරත්තකරුවෙක්.
කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි බස් රථයක මගීන් මුහුණු ආවරණ පැළඳ සිටින අයුරු.
දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි හුදකලා වඩු මීමැස්සෙකු මලකින් පරාග එකතු කරන අයුරු හොදින් නිරීක්ෂණය කළහොත් ඔබට මුහුුණු ආවරණයක් පැළදි කාන්තාවක් හදුනාගත හැකිය.
ජොහැන්නස්බර්ග් – මේ වන විට දකුණු අප්‍රිකාවට සරත් ඍතුව උදාවී ඇත. එහි උද්‍යානයක ඇති ජලාශයක් මතට වැටී ඇති වර්ණවත් ගස්වල සෙවනැල්ල ඔබ විස්මයට පත් කරන බව සහතිකයි.
ගෙටි ඉමේජස්, ඒඑෆ්පී, ඊපීඒ සහ රොයිටර් වෙතිනි