Covid-19 Update: ශ‍්‍රී ලංකාව තුළ ආසාදිතයින් 663ක් – ගෝලීය වශයෙන් මරණ 61,288ක්
- RSL
- April 30, 2020
- CORONA: Covid 19, උණුසුම් පුවත්
- featured
- 0 Comments
ශ‍්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදතයින් සංඛ්‍යාව අද දින ප.ව 23.04 වන විට 663 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි. ඒ අනුව අද දිනය තුළ නව ආසාදිතයින් 14 දෙනකු වාර්තා වී ඇත.

මේ අතර අද දිනය වන විට ගෝලීය වශයෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ගැන ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානයේ නවතම වාර්තා දක්වන්නේ ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 3,231,701ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 229,447ක් වන බවයි.
තව දුරටත් ලෝකයේ වැඩිම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එහි ආසාදිතයින් සංඛ්‍යාව 1,046,022ක් වන අතර මරණ සංඛ්‍යාව 61,288කි.

