අරුණ පත්තරේ අපේ ප්රවෘත්ති විකෘති කරනවා – GMOA ලිඛිතව දැනුම් දෙයි
- RSL
- April 30, 2020
- උණුසුම් පුවත්
- featured
- 0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදුකළ ප්‍රකාශ දෙරණ මාධ්‍ය ජාලය යටතේ ඇති ‘අරුණ පුවත්පත‘ විසින් විකෘති කර පළ කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. ඒ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අරුණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ වන කුල ශ්‍රී කාරියවසම් වෙත ඊයේ (29) ලිඛිතව දැනුම් දී තිබෙනවා.
මීට දින කිහිපයකට පෙරද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙරණ මාධ්‍ය ජාලයේ දෙරණ රූපවාහිනී නාලිකාවේ මාධ්‍යකරුවෙකු වන චතුර අල්විස් නැමැත්තාට ද මේ ආකාරයෙන්ම චෝදනා කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරියාට ලිඛිත පැමිණිල්ලක් කළා.
ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අරුණ ප්‍රධාන කතුවරයාට යොමු කළ ලිපිය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.


