පාලන මිල අහෝසි කිරීම සමග සුදු සීනි මිල ඉහළට
- RSL
- April 29, 2020
- ආර්ථික සහ ව්‍යාපාරික, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
පාරිභෝගික අධිකාරිය මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ (28) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු සීනි සදහා පනවා තිබූ රුපියල් 100ක පාලන මිල ඉවත් කළා. සුදු සීනි කිලෝවක් මෙරටට ගෙන්වීමේදී රුපියල් 115 කට වඩා වැඩි මිලක් වැයවීම හේතුවෙන් මෙම උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට තීරණය කළ බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කරන්නේ.
ඩොලරයේ අගය ඉහළයාම, ලොව පුරා පැතිර පවතින කොරෝනා වසංගතය හේතුවෙන් සීනි ආනයනය කිරීමේදී නැව් ගාස්තු සහ ප්‍රවාහන ගාස්තු ඉහළයාම නිසා සීනි තොග මිල ඉහළ ගොස් ඇතැයි ආනයනකරුවෝ පවසති. ඔවුන් සදහන් කරන්නේ සීනි මෙට්‍රික්ටොන් එකක මිල මේ වන විට ඩොලර් 390ත් 400ත් අතර පවතින බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමකදි හොරණ නගරයේ ප්‍රධාන තොග වෙළෙද ආයතනයක හිමිකරු සදහන් කළේ අද (29) පිටකොටුව තොග වෙළෙදපොළේ සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 112 ක් පමණ වූ බවයි.
පාරිභෝගිකයින් පවසන්නේ අද (29) දිනය වන විට වෙළෙදපොළ තුළ සුදු සීනි කිලෝවක් රුපියල් 130ක් වැනි මිලකට අලෙවි වූ බවයි.

