හෙද නිලධාරීන්ගේ ජීවිත අනතුරේ ! – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය
- RSL
- April 28, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතයේ අවධානම ක්‍රමිකව ඉහළ යමින් තිබියදී එකී වසංගතය මැඩපැවැත්වීම, ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී සහාය වීම ඇතුළු ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන හෙද නිලධාරිනියන් සහ නිලධාරීන් අනතුරුදායක සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ‘රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය‘සෞඛ්‍ය ලේකම්වරියට ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා.
එම සංගමය විසින් අද (28) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ ‘ජනාධිපතිතුමාගේ සහ සෞඛ්‍ය ලේකම්ගේ නියෝගවලට පටහැනිව අනතුරුදායී ලෙස හෙද කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීමට අදාළ බලධාරීන් කටයුතු කර ඇති බවයි.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.


