කරු ජයසූරිය ගැන ඉරිදා මව්බිම සහ CEYLON TODAY පුවත ‘අතේ රෝලක්’
- RSL
- April 24, 2020
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
අද දින (24) නිකුත් වූ ඉරිදා මව්බිම සහ එහි සන්ඩේ සිලෝන් ඉංග්‍රීසි පුවත්පතේ ‘ව්‍යවස්ථාදායක සභාවේදී මහින්දගෙන් කරුට මල්ටි බැරල් ප්‍රහාරයක්” යන සිරස්තලය යටතේ 2020.04.26 වන ඉරිදා දිනට නිකුත් වන ජාතික පුවත්පතක සහ එම පුවත්පතෙහිම ඉංග්‍රීසි මුද්‍රණයෙහි karuj comes under fire යන සිරස්තලය යටතේ පළ වූ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බව කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
ව්‍යවස්ථාදායක සභාවේදී මහින්දගෙන් කරුට මල්ටි බැරල් ප්‍රහාරයක්” යන සිරස්තලය යටතේ 2020.04.26 වන ඉරිදා දිනට නිකුත් වන ජාතික පුවත්පතක සහ එම පුවත්පතෙහිම ඉංග්‍රීසි මුද්‍රණයෙහි karuj comes under fire යන සිරස්තලය යටතේද දක්වා ඇති තොරතුරු පිළිබඳව කරුණු පැහැදිලි කීරිමයි.
උක්ත සිරස්තල දෙක තුළින් සහ ඒවායේ අන්තර්ගතයෙන් හුවාදැක්වීමට උත්සාහ කර ඇත්තේ 2020 අප්‍රේල් 23 වන දින පැවැත්වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී කිසියම් මතභේදාත්මක තත්වයක් උද්ගත වු බවයි. නමුත් එම රැස්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ කිසිදු සාමාජිකයෙක් විසින් එහි වෙනත් සාමාජිකයෙකු වෙත චෝදනා කිරිමක් හෝ කිසියම් දෝෂ දර්ශනයට ලක් කිරිමක් සිදු නොවු බවත්, රටේ පවතින තත්වය පිළිබඳව හැඟීමකින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ උත්තරීතර බව පිළිබද අවබෝධයකින් යුතුව ඉතා වගකීමෙන් සාකච්ඡාවේ යෙදුණු බවත්, අවධාරණය කරමු.
උක්ත පුවතෙහි සඳහන් වන ආකාරයට හිටපු රාජ්‍ය ආමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් හිටපු කථානායකවරයා වෙත තියුණු වාග් ප්‍රහාරයක් (මල්ටි බැරල් ප්‍රහාරයක් ලෙස හඳුන්වා දී ඇත.) එල්ල කළ බවට ඇති සඳහනද මුළුමනින්ම සාවද්‍යය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කැඳවීමේ ලිපියෙහි “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හා හිටපු කථානායක” යන යෙදුම වෙනුවට “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති හා කථානායක” යනුවෙන් මුද්‍රණය වී තිබිම අතපසුවීමක් බව සියලුදෙනා විසින්ම පොදුවේ පිළිගත් අතර මේ මොහොතේ කාර්යාලයන්හි දෛනික ක්‍රියාවලිය සුපුරුදු නිලධාරීන් අතින් සිදු නොවන වාතාවරණය තුළ ආරාධනා ලිපිය සකස් කිරිමේදී එය නිලධාරියෙකු අතින් සිදු වු අතපසුවීමක් බවද සලකන ලදී.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාකච්ඡාවට ගැණුනු අතිශයින් වැදගත් කාලීන මාතෘකා ගණනාවක් තිබියදී මෙවන් කරුණක් උලුප්පා දක්වමින් ඒ වටා ගොතන ලද අසත්‍ය පුවතක් නිර්මාණය කර ප්‍රධාන සිරස්තලය යටතේ පළ කිරිම පිළිබඳව අප අතිශයින් කණගාටු වන්නෙමු.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා පැය 72ක් ගතවීමටත් පෙරාතුව සිය කාර්යාල, නිල නිවාස, නිල වාහන ඇතුළු සියලු දේ නැවත භාර දී සාමාන්‍ය පුරවැසියෙකු ලෙස තම නිවස බලා පිටත්ව ගිය හිටපු කථානායක කරු ජයසුරිය මහතාට තවදුරටත් “කථානායක” යන පදවි නාමය භාවිතා කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද පෙන්වා දෙමු.
ස්තුතියි – කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය – වෙනුවෙන් චමින්ද ගමගේ
(මෙහි ඉරිදා මව්බිම හා සන්ඩේ සිලෝන් යන නම සදහන් කරන ලද්දේ සංස්කාරකවරයා විසිනි. මාධ්‍ය නිවේදනයේ අදාළ පුවත්පත්වල නම සදහන් නොවීය. නමුත් අප පාඨකයින් ඇත්ත තත්ත්වය දැනගත යුතුය)

