වැලිසර නාවික හමුදා කදවුරේ නිවාඩු ගිය සියලු සෙබළු යළි කැදවා නිරෝධානය කරයි

Spread the love

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිට නිවාඩු ලබා නිවෙස් වෙත ගිය සියලුම සෙබළුන් හා නිලධාරීන් යළි කඳවුරට කැඳවා ඔවුන්ව නිරෝධායනයට යටත් කිරීමට නාවික හමුදාව මේ වන විට  පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සිටි නාවික සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද (23) සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ වලින් තහවුරු වීම සමග ආරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

වැලිසර නාවික හමුදා කඳවුර මේ වනවිට සම්පුර්ණයෙන්ම හුදෙකලා කිරීමට නාවික හමුදාපතිවරයා පියවර ගෙන ඇති බව ද යුද්ධ හමුදාපතිවරයා වැඩි දුරටත් සදහන් කළා.

Tags: