මැතිවරණයක් සදහා දින නියම වුණේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක් – රවී කරුණානායක
- RSL
- April 23, 2020
- දේශපාලන, පුවත් සහ වාර්තා
- featured
- 0 Comments
සෞඛ්‍ය බලධාරීන් මැතිවරණයක් පැවැත්වීමේ සුදුසු වාතාවරණයක් රට තුළ පවතින බවට පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නොතිබියදී මහ මැතිවරණයක් සදහා දින නියම වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමාට ගැටලුවක් පවතින බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසයි.
ඊයේ (22) මැතිවරණ කොමිසමේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සෞඛ්‍ය බලධාරීන්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, මෙන්ම කොවිඩ් මැඩීමේ නියුතු කිසිම වගකිවයුතු පාර්ශ්වයක් මැතිවරණය පැවැත්වීම අනුමත කර නොමැති බව විමසා බැලීමේදී අනාවරණය වූ බවද පැවසීය රවී කරුණානායක මහතා පැවසීය.
මෙහිදී ආණ්ඩු පක්ෂයේ චෝදනාවලට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය මැතිවරණවලට බිය නොමැති නමුත් ජනතාවගේ ජීවිත බිල්ලට දී මැතිවරණ ජයගැනීමට තම පක්ෂය කිසිසේත්ම සූදානම් නැති බවත් ඡන්දයට පෙර ජනතාව ගැන සිතිය යුතු බවත්ය.
මේ අවස්ථාව මැතිවරණයක් සඳහා අවස්ථාව නො වන බව තම ස්ථාවරය බව සදහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ මොහොතේ කොවිඩ් වසංගතය අවසන් කිරීමට සැවොම එක්ව ක්‍රියාකර පසුව මැතිවරණයට යොමුවිය හැකි බවයි.

